(ඩයනා උදයංගනී)
නැගෙනහිර පළාතේ මුස්ලිම් දේශපාලඥයින් සතුව අවි ආයුධ ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් කඩිනම්, පුළුල් පරීක්‍ෂණයක් පවත්වා සත්‍ය හෙළි කරන්නැයි ඉල්ලා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ.එම්. හිස්බුල්ලාහ් මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර තිබේ.
අමාත්‍යවරයා විසින් එම ලිපිය අග‍්‍රාමාත්‍යවරයාට, කතානායකවරයාට, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාට මෙන්ම පොලිස්පතිවරයාටද යොමු කර ඇත.
පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ විමුක්ති කොටි පක්‍ෂය විසින් පසුගියදා පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානයේ නායක සහ හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වන ඉන්බරාසා කන්දසාමි යන අය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබූ අවි ආයුධ 5,000 ක් තමා සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මිලදීගෙන ඇති බවට අසත්‍ය චෝදනාවක් කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒවා නැගෙනහිර පළාතේ කින්නියා, කාත්තන්කුඩි සහ මුතූර් යන ප‍්‍රදේශවල සිටින මුස්ලිම් තරුණයින්ට ලබාදී ඇති බවත් සඳහන් කරමින් සිදුකළ මෙම ප‍්‍රකාශය තමා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, ජාතික සමගියට හා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන, ජාතීන් අතර, ගැටුම් ඇති කරවන මෙවැනි අසත්‍ය කරුණු කිසිදු වගකීමකින් තොරව සමාජගත කිරීමෙන් රට තුළ ප‍්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කිරීමේ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවැනි බරපතල ප‍්‍රකාශ සිදුකරන අය පිළිබඳවත් මෙවැනි ක‍්‍රියා පිටුපස සිටින අය පිළිබඳවත් වහා රටට හෙළිදරව් කරන ලෙස තමන් ජනාධිපති ඇතුළු සෙසු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් සිදුකරන පරීක්‍ෂණවලට තම පූර්ණ සහාය ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.
ත‍්‍රස්තවාදය, බෙදුම්වාදය, ජාතිවාදය සැමදා ප‍්‍රතික්‍ෂ්ප කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ උත්තරීතරභාවය වෙනුවෙන් සැමදා කැපවන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

2025 නොවැම්බර් මස 21
174
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නැ’හිර මුස්ලිම් දේශපාලකයින් සතුව ආයුධ ඇතැයි කියන චෝදනා ගැන පරීක්ෂණයක් ඉල්ලයි
ශාමලී Friday, 31 August 2018 06:21 PM
දැන් කල් ගියා..බදු ඔක්කොම හංගලා ඇති දැන්..
Gihan Saturday, 01 September 2018 01:19 AM
හරී...ම සාධාරණ විදියට පරික්ෂනේ කෙරෙයි. විල්පත්තුවට කරා වගේ. වැරදිලා හරි ජරාව විකුණන අහවල් කඩේකට සෞඛ්‍ය පරීක්ශකවරු ගිහින් වුනු දේ මතකනේ.
DumuduKariyapperuma Saturday, 01 September 2018 05:31 AM
ඕවා සේරම බොරු. මුස්ලිම් අන්තවාදීන් දැන්දැන් පෙළ ගැසෙනවා. එ්ක මුළුරටම දන්නවා. දැන්ම ඒවා මැඩලිය යුතුයි. අයි. එස්. සංවිධානයට සහයෝගය දෙන ශ්‍රී ලාංකීය මුස්ලිම් තරුණයෙක් ඕස්ට්‍රේලියා වලදී අත් අඩංගුවට අරගෙන... කෝ අපේ බුද්ධි අංශ..? අපේ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බව ඔප්පු වී හමාරයි. සියලු අරක්ෂක අංශ සීරුවෙන් තැබිය යුතුය. මෙයට හොඳම නිදසුන වන්නේ විල්පත්තු මුස්ලිම් නගරයක් බවට පත් කිරීමට යන ආකාරය බව සියලු දෙනා තේරුම්ගත යුතුය.