නිමන්ති රණසිංහ
හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නේවි සම්පත්’ අද (14) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා එම් සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව රඳවා ප්‍රශ්න කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (14) අවසර ලබා දුන්නාය.
2007 වර්ෂයේ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියට අදාළව වරෙන්තු ලැබ අතුරුදන්ව ඔහු ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබිණි.
අනතුරුව අද (14) අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රශ්න කිරිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව හෙට (15) සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබාදුන්නාය.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.