(ඩයනා උදයංගනී)
නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන මැති ඇමතිවරුන් දේශද්‍රෝහීන් බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවන බව ද ඒ මහතා කියයි.
රජය මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාවක් මගින් රට දෙකඩ කිරීමට සිදුව ඇතැයි කී සරත් වීරසේකර මහතා එයට ඡන්දය ලබාදෙන මන්ත්‍රීවරුන්ට විශාල වශයෙන් මුදල් ලබාදීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කරගෙන යන බවට තොරතුරු ඇතැයි ද පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ නාවල රාජගිරිය පාරේ පිහිටි ජාතික සංවිධාන සම්මේලන මූලස්ථානයේ දී අද (10) පැවති මාධ්‍යය හමුවක් අමතමිනි.
COMMENTS
ඔබතුමා කවදත් මව් බිමට ආදරයකල කනෙක්.
ඒක අමුතුවෙන් කියන්න දෙයක්ය මහත්තයෝ.
රට දෙකඩ කිරීම කියල කියන එක ටිකක් බරපතල වැඩිය් වගේ නේද? සෑම පුරවැසියකුටම එක හා සමානව සැලකීම කියන එක ඇත්තටම රට එක්සේසත් කිරීමක් කියල තමයි මම හිතන්නේ. අවංකව හිතල බැලුවොත් අපි දැන් බෙදිලා ඉන්නේ ජාති පක්ෂ පාට කුල නිකාය කියල වර්ග වෙලා ඉන්නේ
මේ උන්මන්තකයන්ට අනුව තමන්ට වෙනස් මත දරන හැමෝම දේශද්‍රෝහියෝ. බලය නැති වුනාට තර්ජන වල නම් අඩුවක් නැහැ.
නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන්නේ දේශද්‍රෝහීන්?කොටි ලව්ව දෙමළ චන්ද වලක්වාල ජනාදිපතිවරු වෙන්නෙ මොක්කුද?එතකොට ඔබ ඉපදිල නැද්ද?
නුදුරු අනාගතයේදී නගරයෙන් නගරයට, ගමින් ගමට ගොස් මේ පිළිබදව සිසුන්, ගොවීන්, කම්කරුවන් ,ලිපකරුවන් ,කාන්තාවන් ,උගතුන් හා පූජ්‍ය පක්‍ෂය හමුවී ඔවුනට මේ පිළිබඳව තේරුම් කර දී රටට ඉදිරියේදී විය හැකි නැස්පැත්තියෙන් ගළවා ගැනීමට ඔබට නුතන අනගාරික ධර්මපාළතුමන් ගේ කර්තවුය කිරීමට ධර්‍යය ශක්තිය ඕනෑකම ඇතිවේවායි ප්‍රර්ථනාකරමි
සල්ලි දෙනවනම් ඉතින් අනිවාර්යෙන් අත ඉස්සෙනවනේ.
මෙයාල මොන බොරු කිව්වත් මහින්ද ආයේ බලයට ගෙන්න බැහැ.
ඔබ තුමා නාවික හමුදාවේ හිටපු හොඳ අවංක කෙලින් වැඩ කරපු කෙනෙක් බව අපි දන්නවා අනේ මහත්තයෝ දැන් පා.ම. මහින්දට කඩේ යන්න එපා.
මේ පුවත පල කල ලංකාදීප කතෘ මණ්ඩලයට පින්. ලංකාවේ මිනිස්සු මේ යන්න වෙන විනාශය ගැන දැන ගන්න ඕනේ.
තවම හදලවත් නැති ව්‍යවස්ථාවක් ගැන නේද මේ කියන්නෙ. තවම තියෙන්නෙ මෙහෙයුම් කමිටුවෙ අතුරු වාර්තාවකුත්, දේශපාලන පක්ෂවල අදහසුත් විතරයි නේද? ඒව එකතු කරල ඔන්න අවසන් කෙටුම්පත ආවට පස්සෙනම් හොඳද නරකද කියල කියන්න පුළුවන්.
මහත්තයො ඇයි බොරුවට රටේ මිනිස්සුන්ව නොමග යවලා බය කරන්නෙ. තවම ව්‍යවස්ථාව හදල ඉවර නෑ. එක එක්කෙනාගෙ අදහස් ටිකක් විතරයි තියෙන්නෙ. හදල ඉවර උනාම ඒක බලලම හොඳ නරක කියන්න. රජයත් එක්ක තියෙන තරහට මිනිස්සුන්ට බොරු කියන්න එපා.
මෙතන සිංහල නමින් පෙනී ඉන්න මහත්තුරුනේ මතක තියාගන්න ඔබල මේ ගරහන්නේ රටට ආදරය කරන මිනිහෙක්ට..
ඔබතුමන්ලා වගේ තාමත් මේ රටට ආදරේ මිනිස්සු දකින්න ලැබීමත් සතුටක්..
ඔය කියන දෙමල ජනයට වෙලා තියෙනව කියන අසාධාරණකම් මොනවද කියල ලිස්ට් එකක දාලා පත්තර වලට දාන්න එතකොට අපිට තේරෙනවා මොනවද අසාධාරණකම් කියල. ලංකාවේ දකුණේ ඉන්නවා දෙමල ජනගහනයෙන් 50% අයට වෙලා තියන අසාධාරණයන් මොනවද, පහල පන්තියේ සිංහල, දෙමල ඔක්කොටම තියෙන්නේ එකම ප්‍රශ්නයි.
තවමත් හරිහැටි කිසිම දෙයක් ව්‍යවස්ථාව ගැන දන්නේ නැතිව මොනවද මේ නන්දොඩවන්නේ. ජනතාව උසිගැන්වීම දැන් පුරුද්දක් කරගෙන. හනේ අපොයි
කොහොමහරි ව්‍යවස්ථාව පටස් ගාල අනුමත වෙයි. රට ගැන ඉතා ආදරයෙන් කතා කරන ඔබට පින්.
ඒ කියන්නේ ඔබතුමා ජේ ආර් ගේ ව්‍යවස්ථාවට කමතියි . ඔය ව්‍යවස්ථාව කොච්චර අර්බුද ඇති කලාද ? කොහොම කොහොම හරි අන්තිමට ජේ ආර් තම හරි කියල මිනිස්සුන්ට පිළිගන්න වෙනවා .
ඇයි අපට නව ව්‍යවස්ථාවක් ඕන? රටේ සිටින පණ්ඩිතයන් යෝජනා කරයි බුද්දාගමට හිමි තැන, ඒකීය බවය. මම ඔබගේ අවදානය යොමුකරන්නේ පහත සදහන් කරුණු කෙරෙහි.මැති ඇමති වරුන්ගෙන් රටේ සම්පත් කොල්ල කෑම නැවැත්වීමට. දේශපාලකයන්ට රටේ සාරය උරාබීමට ලැබී තිබෙන පුළුවන්කම අහෝසි කලයුතුයි. වත්කම් බැරකම් නීතිය යාවත්කාලීන කොට එම නීතිය අකුරටම ක්‍රියාත්මක කෙරෙන තත්ත්වයක් ඇති කිරීම.යහපාලන ආණ්ඩුවට සම්බන්ධ මංත්‍රීවරැන් පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මංත්‍රීවරැන් සැලකිය හැක්කේ රජය සමඟ විවිධ ව්‍යාපාරවල යෙදෙන ජාවාරම්කරුවන් ලෙසය. සමහරෙක් ඉතා අඩු මිලකට රජයේ ඉඩම් ලබාගෙන ඉඩම් හිමි වැවිලිකරුවන් බවට පත්ව සිටින අය වෙති. තවත් සමහරෙක් ආණ්ඩුව සමඟ කොන්ත්රාත් කරන කොන්ත්රාත්කරුවෝය. තවත් සමහරෙක් ගල් වැඩපළවල් පවත්වාගෙන යන ගල් ජාවාරම්කරුවෝය. තවත් සමහරෙක් බලපත්‍රලාභී තැබෑරුම්කරුවෝය. මන්ත්රීවරුන් සඳහා පැවති පැරණි ක්‍රමය අනුව බලපත්ර ක්‍රමයක් යටතේ සහන මිලකට ලැබෙන වාහනය පවා විකිණීම තහනම් විය. එයද මන්ත්රීකම අහිමි කිරීමට හේතුවන වරදක් ලෙස සලකන ලදි. මේවා පාලනය කිරීමට ඕන වගන්ති ඇතුලත් කලයුතුය.
අලුතින් එක් කරන වගන්ති සංසන්ධනාත්මකව ජනතාවට පෙන්වා දිය යුතුයි. මහජන නියෝජිතයන්ට කොටි ලේබල් අලවනාවට වඩා එය ප්‍රයෝජනවත්. මෙහි වාසි අවාසි දෙකම පැහැදිලිව දැනගත යුතු යි විරුද්ධ වීමට පෙර.
මෙතුමා මේ කියන කතාව ගැන සියලු දෙනාම හොදින් අවබෝද කර ගත යුතුය රටට තිබෙන විශාල බාධක බිද දැමීමට පෙරට ඇවිත් වැඩ කරන මෙතුමා කිසිදා රටට හානිවන දෙයක් පවසන්නේ නැත මේකට අදහස් දාන පක්ෂ හා පුද්ගල වාදීන් ගැන තැකීමක් කල නොයුතුය
අද රටට වින කරන්නේ රටට ආදරේ කියමින් උඩ පනින උදවිය විනා වෙන කිසිවෙක් නොවෙයි.
දේශද්‍රෝහීන්ට විනාශය ! ජනතාවට විමුක්තිය !
සරත් වීරසේකෙර මහතාගේ නෝනා ගොටභය රාජපක්ෂගේ නෝනගේ සහෝදරියක් නොවන බව පළමුවෙන් සඳහන් කරමි. මෙහි ප්‍රතිචාර දක්වූ සමහර අය තාම සිටින්නේ කකුළුවා දිය සැලියේ වතුර රත් වෙන තුරු බලාසිටින විලාසෙනි. එම සියලු දෙනාට මම කියනවා ගිය සඳුදා හිරු නාලිකාවේ තිබුන සලකුණ වැඩ සටහන බලන්න කියල. එවිට සත්‍ය තත්වය අවබෝධ කරගන්න පුලුවන්වේවි. අපි කිසිම දවසක ජාතිවාදී වෙලා නෑ. සරත් මහත්මයත් කිසිම වෙලාවක ජාතිවාදී වෙලා නෑ. සියලුම දෙනාට එක හා සමාන අතිවාසිකම් තිබිය යුතු තැන අපි ඉන්නවා. නමුත් සිංහල ජාතියේ අතිවසිකම් පාවලදීලා නෙමෙයි. එතුමා සඳහන් කරන්නේ මෙහෙම ගියොත් සිංහල ජාතියට අනාගතේදී අත්වෙන ඉරණම ගැන. ඒ ගැන අපි සියලුම දෙන අවදානයෙන් සිටිය යුතුයි. දැනටමත් සමහර ද්‍රවිඩ නායකයින් පවසනවා උතුරේ සිංහල අය පදිංචි වෙන්න බෑ, බෞද්ධ සිද්ධස්ථාන ඉවත්කළ යුතුයි කියල. පළාත් සභාවලට පූර්ණ බලතල ලැබුණට පසුව කොහොමට හිටීද? මේ වෙලවේ පක්ෂ බදාගෙන ඉඳල හරියන්නේ නැ.
රට වෙනුවෙන් ඉදිරියට එන මෙවැනි දේශ ප්‍රේමීන් අගය කරමු. පුද්ගල දේශපාලනයේ නොයෙදී තමන්ට හැකිදේ රට වෙනුවෙන් කරමු.
මෙතුමා සැබෑ දේශ ප්‍රේමියෙක්.රට වෙනුවෙන් හැම විටකදීම අගනා මෙහෙවරක් කරනුයේ වරධාන බලාගෙන නොවේ.මේ රට අද පත්ව ඇත්තේ භයානක තත්ත්වයකටය.මේ නිවට දේශද්‍රෝහී පාලකයින් සහ ඔවුන්ගේ පිරිස් තස්ත්‍රවාදීන් ඉදිරියේදී සහ විදේශයන් ඉදිරියේදී මේ රට සහ රණවිරුවන් පාවා දෙමින් විනාශ කරනවා.නමුත් සරත් වීරසේකර මහතා එදා වගේම නොබියව අප රට වෙනුවෙන් හඬක් සහ වැඩ පිළිවෙලක් කරගෙන යනවා.එවන් මහතෙකු කරන සේවය අගය කල යුතුයි.ඔහුට බොරු මඩ ගැසීම නැවත දැමිය යුතුයි.නිවට දේශ පාලුවන්ට කඩේ යාම ,මුට්ටි ඇල්ලීම ,වැනි නිවට පහත් දේවලින් ඈත් වී මේ ඊනියා බෙදුම්වාදී ව්‍යවස්ථාව පරදා දැමිය යුතුයි.