IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව රෝහණ සංඝ සභාව කියයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රටේ දැනට පවතින තත්වය තුළ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට රජය කිසිදු අයුරකින් ක්‍රියා නොකළ යුතු බවට ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක කාරක සංඝ සභාව ඒකමතිකව තීන්දු කළේය.

කඹුරුපිටිය ඌරාපොල රතනජෝති පරිවෙණාස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේ පැවති එම සංඝ සභාවේ කාරක සභා රැස්වීමේදී එම යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.

උඩුමලගල මහින්ද ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.

එහිදී තීන්දු කරන ලද කරුණු පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වු රෝහණ සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධීකාරී ඕමාරේ කස්සප නාහිමියෝ මෙසේ කීහ.

“දෙමසකට වරක් රැස්වෙන අප සංඝ සභාවේ කාරක සංඝ සභාව මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. එහිදී රටේ පවතින තත්වය පිළිබඳව න්‍යාය පත්‍රයට අනුව කතා බහ කිරීමේදී අප සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පරපාමුල්ලේ සුමන නාහිමියන් යෝජනාවක් ලෙස රටේ දැනට පවතින තත්වය තුළ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍යතාවයක් නොමැති බවට රජයට දැන්වීමේ යෝජනාවක් ඉදිරිපත් කළා. තවද පවතින ව්‍යවස්ථාව විධිමත්ව පවත්වා ගෙන යා යුතු බවද සංශෝධන අනවශ්‍ය බවද එසේ සංශෝධන ගෙන එන්නේ නම් එය මැතිවරණ ක්‍රමය වෙනස් කිරිමේ කරුණට පමණක් සීමා විය යුතු බවට ද තීරණය කළා. ඒ වගේම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්නේ නම් කිසිදු අයුරකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවට ද තීන්දු වුණා. එම සම්පූර්ණ යෝජනාව මහ නාහිමියන් ප්‍රධාන කාරක සංඝ සභාව ඒකමතිකව සම්මත කළා.‘‘



අදහස් (10)

නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව රෝහණ සංඝ සභාව කියයි

ජයරත්න Sunday, 12 November 2017 02:59 PM

අලුත් ව්‍යවස්ථාවට ප්‍රගතිගාමීන් කොහොමත් විරුද්ධ නම් අපි ආණ්ඩුවට කියන්නේ වැනෙන්නේ නැතුව මීට වඩා රැඩිකල් යෝජනාවලියක් ගේන්න කියලයි. ෆෙඩරල්වාදය සහ ලෞකික රාජ්‍යයත් සලකා බලන්න.

:       1024       347

ජයරත්නMonday, 13 November 2017 03:58 AM

මෙහි අපි යනුවෙන් හැඳින්වූයේ එන්.ජී.ඕ බව කරුණාවෙන් සලකන්න.

:       47       167

ravi Sunday, 12 November 2017 03:08 PM

හාමුදුරුවරුන්ට නව ව්‍යවස්ථාවක් අවශ්‍යද? ... නැද්ද? කියන එක අපිට ප්‍රශ්නයක් නොවෙයි ... විසිඑක්වෙනි ශතවර්ෂයේ ජීවත්වෙන අපිට හාමුදුරුවරු අවශ්‍යද කියන එක තමයි .... දැන් අපිට තියන ලොකුම ප්‍රශ්නය ... මේ ගොල්ලෝ තමයි ලංකාවට තියන ... හෑන්ඩ් බ්‍රේක් එක ... මේ නිසා තමයි අපේ රටට ඉදිරියට ගමන් කරන්න බැරිව, එක තැනම නතර වෙලා තියෙන්නේ ...

:       10231       8721

පීරිස් ඩි කොස්තාMonday, 13 November 2017 04:03 AM

කලු ගල් ගෙඩියේ ඔලුව හප්ප ගත්තම කුඩු වෙන්නේ ඔලු ගෙඩිය බව මොල ගෙඩිය ඉඳි ගෙඩියක් තරම් වත් තියෙන ලිං මැඩියෙක්ට වුනත් තේරෙනවා. හාමුදුරුවරුන්ට ඔහොම කියපු ගොඩක් අය අද වලපල්ලේ.

:       183       287

SuraweeraMonday, 13 November 2017 04:05 AM

නිඝන්ඨයො කොහොමත් හාමුදුරුවොන්ට කැමති නෑ. මොකද හෙළු තපස බෞද්ධයන් ප්‍රතික්ෂේප කරන නිසා.

:       158       243

GihanMonday, 13 November 2017 04:07 AM

මොකෝ මේ කඩේ යන්නේ.

:       0       134

Sandamali- AhangamaMonday, 13 November 2017 08:00 AM

රවී මම ඔබ සමගයි. මේ කතාවේ ඇත්තකුත් තියෙනවා වසර 2500 ක ඉතිහාසය කියා කියා ගල් යුගයේ ජීවත් වෙලා වැඩක් නැහැ. එහෙම නම් ඉතින් රට සංවර්ධනය නොකර වැද්දෝ වගේ හිටියා නම් ඔය හාමුදුරුවන්ට හරියට සතුටු හිතෙයි...

:       70       5

jayantha Monday, 13 November 2017 02:10 AM

හාමුදුරුවනේ ඔබ වහන්සේලාට පින්. මේ අදහස් දාන අය මේ ලංකාවේ ඉන්න උදවිය නෙමෙයි. ඒ නිසා ඒගොල්ලන්ට ෆෙඩරල් නෙමෙයි මේක විකුණලා දැම්මත් කමක් නැහැ. නමුත් අපි ඒවාට ඉඩ දෙන්නේ නැහැ. එක ඉතින් ඉර හඳ වගේ විශ්වසයි.

:       1       37

Samarajiwa Monday, 13 November 2017 03:56 AM

ඔය ව්‍යවස්ථාවක් ගේන්න හදන්නේ රනිල් අතට විධායක බලය ගන්නනේ.

:       56       129

දිලූ Monday, 13 November 2017 04:11 AM

රවිට ආගමක් දහමක් නැති උනාට අපිට තියනවා ඒ නිසා මේක ඔයාගෙ මතය මිසක් සමස්ථ ජනතාවගේ මතය නෙමෙයි. ඔහොම ගියොත් ඔයාගේ පාංසකූලෙ දෙන්නවත් කෙනෙක් නැතිවෙයි. ඔයා පොඩ්ඩක් කට පියාගෙන පැත්තකට වෙලා ඉන්න

:       130       2454

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site