(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
නව වෛද්‍ය සභා පනත ඉදිරි මාස දෙක තුළදී ඉදිරිපත් කරන බව සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය.
ඒ සඳහා සියලු පාර්ශ්ව එකඟ වී ඇති බවද ඇමැතිවරයා කීය.
බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ අකෘතියට අනුව නව පනත් කෙටුම් පත සකස් කරන බව කී ඇමැතිවරයා ඊට වෛද්‍ය සභාවේ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙත් සියලුම වෛද්‍ය විද්‍යාල වලත් අනුමැතිය හිමිවී ඇති බවද කීය.
මෙම පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා ත්‍රී පුද්ගල කමිටුවක් පත්කර ඇති බවද කී ඇමැතිවරයා එයද වෛද්‍ය සභාවේ එකඟතාවය මත සිදු කළ බව කීය.
කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එම කරුණු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව තුලත් බ්‍රිතාන්‍ය වගේනම් කමක් නැ. අනේ කවදද අපිට බ්‍රිතානයේ වගේ මැති ඇමතිවරු ලැබෙන්නේ?