( තිළිණි ද සිල්වා )
ජර්මනිය සහ ප්‍රංශය සඳහා නව ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනෙකු පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ඒ අනුව ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ලෙස වත්මන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාද ,ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් බුද්ධි අතාවුද මහතාද පත් කිරීමට යෝජනා වී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජර්මනියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ධුරය සඳහා නම් කිරීමට අදාළ නිර්දේශය ලබා ගැනීම සදහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කර ඇතැයිද වාර්තාවේ.
මේ වන විට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු විදේශ අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන කරුණාතිලක අමුණුගම මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගින් දිගටම දේශපාලන පත්වීම් දෙන්නෙ.. තානාපති සේවයට සුදුසු උගත් බුද්ධිමත් අය ලංකාවේ නැද්ද?
මේ අය කරන වැඩක් ඇත්තෙම නැහැ. මටවත් කිසිම වැඩක් වුණේ නැහැ. මුස්ලිම් තානාපති කෙනෙක් දාන්නකෝ බලන්න. ඒ අය භාෂා හැදෑරීමටත් අති දක්ෂයෝ...