
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැඩබලන සොලිසිටර් ජ නරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස පත්කිරීමට පාර්ලිමේන්තු සභාව අද (20)අනුමැතිය ලබා දුන්නේය.
පාර්ලිමේන්තු සභාව එහි සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (20)පෙරවරුවේ රැස් විය .
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා නැවත පත් කිරීම සඳහා එවා තිබූ නිර්දේශයකටද පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවිය.
මෙයට අමතරව පාර්ලිමේන්තු සභාව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික පුරප්පාඩුව සඳහා ජයන්ත ශාන්ත කුමාර වික්‍රමරත්න මහතාගේ නමද හානිපූරණය සඳහාවන කාර්යාලයේ සාමාජික පුරප්පාඩුව සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් ඩබ්ලිව් පී පී ප්‍රනාන්දු මහතාගේ නමද එහිදී යෝජනා කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය .
මෙම පාර්ලිමේන්තු සභා රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරුද සහභාගි වූහ .
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා සාධාරනව කටයුතු කරනු ඇතැයි විශ්වාසය පලකරමි. එසේ කිරීමට එතුමාට ධෛර්යය ලැබේවා... මගේ පෞද්ගලික විශ්වාසය නම් ද්‍රවිඩ ජාතික මහතුන් සාධාරණව කටයුතු කරන බවයි.