(රංජන් කස්තුරි)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අදහස රජය කිසිසේත්අතහැර දමා නැතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇමැති රාජිත සේනාරත්න සඳහන් කළේය.

2015 වසරේ ජනවාරි 8 වැනි දිනට පෙර වෙනත් පක්ෂයක සිට මේ වන විට  ආණ්ඩුවට එක්ව සිටින පිරිස කුමක් කීවත් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ජනාධිපතිවරයාගේ අදහස බවද ඇමැතිවරයා  පවසයි.