
අවස්ථා ගණනාවකදී නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට ගියද සිය අවශ්‍යතාව ඉටු කරගැනීමට නොහැකි වූ කාන්තාවක කරන ලද පැමිණිල්ලක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) එම කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ප්‍රමාණවත් තරම් කාර්යමණ්ඩලයක් නොමැති බව කියමින් නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයේ නිලධාරීන් සිය රාජකාරී අවශ්‍යතාව ඉටු කිරීමට අපොහොසත් වූ බව ද එම කාන්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙති පැමිණිලි කර තිබිණි.
‘‘ඕගොල්ලෝ මොනාද කරන්නේ’’ යැයි ජනාධිපතිවරයා එහිදි එම කාර්යාලයේ නිලධාරීන්ගෙන් විමසීය.
‘‘දැන් අද මෙතැනට ආවාම එලවලා. ඊයේත් ඇවිල්ලා අදත් ඇවිල්ලා. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. ඇයි ඕගොල්ලෝ එහෙම මිනිස්සු එලවන්නේ ?’’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිලධාරීන්ගෙන් නැවත විමසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ කාන්තාවට දුරකතන ඇමතුමක් ගෙන කරුණු විමසීය.
ජනාධිපතිවරයාගේ දුරකතන ඇමතුමට පිළිතුරු දුන් අදාළ කාන්තාව මෙසේ කීය.
‘‘ජනාධිපතිතුමා, අපි පැය දෙකහාමාරක් හිටියා. ඊයේත් ආවා අදත් ආවා. අපි ගියේ 10.30ට. අපි එතනින් ආවේ 12.45ට. ස්ටාෆ් එක නැහැ කියලා අපිට කිව්වා.
කෝල් එකකුත් දීලා තමයි අපි ආවේ’’
ආබාධිත පුද්ගලයකු ද සේවා ලබාගැනීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට පැමිණි සිට අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගෙන් ද කරුණු විමසීය.
‘‘දවස් ගණනාවක් රස්තියාදු වෙනවා ජනාධිපතිතුමා, මෙතැනි ඔප්පු ප්‍රශ්නයක් තියෙන්නේ. පොලියත් ලක්ෂ එකහාමාරක් ගෙවලා තියෙනවා. මේ අඩුපාඩුව හදාල දෙන්න ජනාධිපතිතුමා, කරුණාකරලා. දවස් ගාණක් තිස්සේ ජනාධිපතිතුමා. මං උදේ ඉඳලා මේ ඇවිල්ලා ඉන්නේ’’ යැයි එම පුද්ගලයා කීය.
එහිදි අදාළ ආබාධිත පුද්ගලයාගේ ගැටලුවට විසඳුම් දෙන්නැයි පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් නික්ම ගියේය.
055

COMMENTS
මෙන්න මෙහෙමයි රටක ජනාධිපතිවරු ක්‍රියාකළ යුත්තේ. ආණ්ඩුවේ කන්තෝරුවල වැඩකරන උදවිය තමන් "රජයේ සේවකයින්" බැවින් ඔවුන් මහජනයාට ඉහලින් වැජඹෙන කොටසක් සේ සැලකීමට පුරුදුවී තිබේ. මොවුන්ව "මහජන සේවකයින්" ලෙස නම් කළ යුතුයි.
මට මතක විදිහට හිට්ලර්ලා මුසෝලිනීලත් මේ වගේ වැඩ මුලදී කළා. මම ප්‍රාර්ථනා කරනවා මේවත් ඒ වගේ වැඩ නොවේවා කියලා...
තෙවරප්පෙරුම යද්දී නරක් වෙන්නත්, සර් යද්දී හොඳ වෙන්නත් කොහොමද?
රාජකාරි මේසේ උඩ පත්තර...
නාරාහේන්පිට හාල් වෙළඳ පොලේ ගියා, වාහන රෙජිස්ටර් එකට ගියා, ඊයේ පෙරේදා මිදි වතුවල, දැන් නිවාස අධිකාරියේ යං යං ඔහොම යං... මේ සංදර්ශන වලට කාලය කන්නද 69 ලක්ෂයක් රැවට්ටුවේ.
හොඳ වැඩක්, මේ වගේම කලින්ම ගියපු රියදුරු බලපත්‍ර කන්තෝරුව ගැනත් පසු විපරමක් කරානම් හොඳයි.
2019 ජනාධිපතිවරනයෙන් පසුව නිවාස අධිකාරියේ සේවය කරමින් සිටි මෙරට පුරවැසි පිරිසක් හේතුවක් නැතිව සේවය අත්හිටුවීමේ ප්‍රථිපලද වැඩකරන්න පිරිස් නැත්තේ කියලා හිතෙනවා
2019 ජනාධිපතිවරණයෙන් පසුව නිවාස අධිකාරියේ සේවය කරමින් සිටි මෙරට පුරවැසි පිරිසක් හේතුවක් නැතිව සේවයෙන් ඉවත්කළේ වැඩකරන්න පිරිස් නැති නිසාද කියලා හිතෙනවා.
රට තුල හරි පාලනයට පුද්ගලයා ප්‍රශ්නයක් නැහැ.
2/3 ක් අරගෙන සර් කන්තෝරු ගානේ පැමිණිලි විභාග කරනවා. ආඩම්බරයි. අදාල ඇමතිවරු නිලධාරීන් පඩි අරගෙන නිකන් ඉන්නවා. වෙනස නියමයි.
අපේ රටේ රාජ්‍ය සේවය සහ ඊට සම්බන්ධ ආයතන ගොඩගැනීම අතිශයින්ම දුෂ්කරයි! - ඒවායේ සේවය කරන අය සිතන්නේ වැඩ කරනවාට වඩා වැඩ නොකර සිටිමටයි! - රටේ දේශපාලනය කුමක් වුවත්, රටේ රාජ්‍ය සේවය නිසියාකාරව ඉටු කීරීමට හැකි නම්, රට දියුණු කිරීමට එය පදනම වනවා ඇත!
අපරාදෙනේ ඇමතිවරු පත් කරන්නේ... රටකට ජනාධිපති කෙනෙක් හිටියාම හොඳටම ඇති වගේ. මේ වගේ ජනාධිපතිලාට කියන්නේ කව් බෝයි ජනාධිපතිලා කියලයි. ආයතන නීති රීති, මුදල් රෙගුලාසි බල්ලට දාලා තමන්ට කැමති කැමති දේ කරන්න අණ කරනවා. මේවා දේශපාලන ප්‍රදර්ශන. අන්තිමට ඊළඟ ජනාධිපති කොමිසමේදී මේ අහිංසක නිලධාරීන් බෙල්ලෙන්ම අල්ලා ගන්නවා. කව් බෝයිස්ලා නිදහස්. සමහර මිනිසුන්ට උප්පත්තියෙන්ම ඇස් වපරයි දත් ටික වැහෙන්න කට වහගන්න බැහැ. නොදන්න අයට හිතෙන්නේ මේ අය හැම තිස්සේම හිනාමුසු මුහුණින් ඉන්නවා කියලා. අර පාසල්වල ඉන්නේ විදුහල්පතිලටවත් පාලනය කරගන්න බැරි නොටෝරියස් කේසස්... මෙයාගේ පාසල් කාලයත් එහෙමමයි. ආනන්දේ සමකාලීනයෙකුගෙන් ඇත්ත දැනගන්න පුළුවන් දැන් මුළු රටම රැවටිලා ඉන්න මේ කව් බෝයි ගැන. මොනවා වුණත් කමක් නැහැ ආවේ ඇමරිකාවෙන්නේ...