IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


නවක වදය දුන් පේරාදෙණි කෘෂි පීඨ‍යේ 15කට පන්ති තහනම්

(ජේ.ඒ.එල්. ජයසිංහ)

පේරාදෙණිය කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකුට  විශ්වවිද්‍යාලයෙන් පිටත ස්ථානයකදී අමානුෂික ලෙස නවකවදය  දීමේ  සිද්ධිය සම්බන්ධයෙන්  එම පීඨයේම ජ්‍යෙෂ්ඨ සිසුන් 15 දෙනකුට වසර තුනක පන්ති තහනමක් පනවනු ලැබ ඇත.

විශ්වවිද්‍යාල විනය මණ්ඩලය මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් පසු ලබාදුන් නිර්දේශ මත විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ සිසුන්ට වසර තුනක කාලයක් සඳහා පංති තහනම් කරන ලිපිය සිසුනට නිකුත් කර ඇත.

පසුගිය 2017 පෙබරවාරි මස 19 වන දින දොළුව මෙගොඩකළුගමුව ප‍්‍රදේශයේ පාළු නිවසක් රුපියල් 10,000ක මාසික කුලී පදනම මත ලබාගෙන සැකකාර සිසුන් 15 දෙනා විසින් නවක සිසුන් එතැනට බලහත්කාරයෙන් රැගෙන ගොස් නිරුවත් කර නවකවදය ලබාදුන් බව සිද්ධියට අදාළව කරන ලද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

නවකවද සිද්ධියට සම්බන්ධ සැකකාර විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතියි. සැකකාර සිසුන් මාස තුනක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට මේ වනවිට අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.

විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් ලබාදුන් පංති තහනම් කිරීමේ දඬුවමට එරෙහිව සිසුන් 15 දෙනා විසින් අභියාචනාවක්ද ඉදිරිපත් කර තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (8)

නවක වදය දුන් පේරාදෙණි කෘෂි පීඨ‍යේ 15කට පන්ති තහනම්

අප්පු Friday, 08 December 2017 06:13 AM

පන්ති තහනමක් නෙවෙයි. මුන් ටිකව ගෝල්පේස් පිට්ටනියට අරගෙන ගිහින් ප්‍රසිද්ධියේ වෙඩි තියලා බුලට් එකට ගිය මුදලුත් දෙමව්පියන්ගෙන් අයකරගන්න ඕනේ. මුන් මුලු රටටම බරක්.................

:       8       638

චණ්ඩි රජාFriday, 08 December 2017 08:18 AM

අනේ අප්පුවෝ උඹ ඔය සිඟිති මොළෙන් හිතන හැටි තමයි මේ අයව මරලා දාන්න කීවේ.... ජීවිතේට විශ්වවිද්‍යාලයක් පැත්තේ ගිහිල්ලවත් තියෙනවද? එහෙම නෙවෙයි. මේ අයව ගෝල් ෆේස් එකට ගෙනියලා අර කොලුවලාට දීපු දඬුවම් මුන්දැලාටත් දුන්නානම් ප්‍රසිද්ධියේ, ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ.

:       409       523

අප්පුSaturday, 09 December 2017 05:23 AM

ඔයා විශ්ව විද්‍යාලේ ගීයේ නැති වුණාට මම ගිහින් තියෙන නිසා තමයි කැක්කුම.... මේ සේරම දේවල් විශ්ව විද්‍යාලේ ඇතුලේ කරන්නේ ගම්වලින් ආපු ගම් කබරයෝ තමයි. විශ්ව විද්‍යාලේ ගිය කෙනෙක් ඉන්නවා නම් කියන්න මම කියන්නේ බොරුද කියලා...

:       0       0

MatipahanaFriday, 08 December 2017 02:44 PM

අපි යක්කු බොලව්, නේද අප්පුහාමි?

:       0       1

පිටිගල මිලානෝ Friday, 08 December 2017 07:55 AM

මේ මේනියා කාරයින්ගේ ශිෂ්‍ය භාවය අවලංගු කරන්න. විශ්වවිද්‍යාලයක ගේට්ටුවෙන් ඇතුලට ගන්න එපා.

:       0       176

Jehaan Friday, 08 December 2017 08:02 AM

කෘෂි පීඨයේ කිව්වා නේද? කුඹුරකට බස්සලා පඹයන්ට පාවිච්චි කළා නම් හරි. කුහකකම යවන්න ඉහලම දඬුවම් දෙන්න ඕනෑ.

:       67       141

indika Friday, 08 December 2017 02:40 PM

නිදහස් අධ්‍යාපනේ වටිනාකම නොදන්නා අය තමයි. වෙන සිසුන්ට මොනම හේතුවකටවත් කරදර කරන්නේ. මානසිකකාරයෝ අනෙක් සිසුන්ට කරදර කරනවා. දැන් අධ්‍යාපනේ අරගෙන හොඳ මිනිස්සු වෙන්නේ නැතිව. මට විශ්ව විද්‍යාලේ යන්න බැරිවුණ එකට දුක තමයි. මටත් හොඳට ඉගෙන ගන්න තිබුණානම් හරි කැමතියි. දැන් පුද්ගලික ආයතනයක හොඳ රැකියාවක් කරනවා රටට වැඩදායක විදිහට. එහෙම වුණත් ඉහලට ඉගෙන ගත්තා නම් හොඳයි. මේ ශිෂ්‍යයෝ දන්නේ නැහැ. හොඳට ඉගෙන ගන්න.

:       0       67

palitha Saturday, 09 December 2017 03:07 AM

තහනම විතරක් මදි සදාකාලික තහනම් කරන්න ඕන ඇතැම් බංකලොත් දේශපාලන පක්ෂ වල මෙහෙයවීමෙන් මුදල් වියදම් කරමින් මෙරටේ උසස් අධ්‍යාපනය විනාස කරන්න මාන බලන මේ අය වහාම ඉවත් කරන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1318 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site