වසර 150ක ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට නිලධාරිනියෝ අට දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලැබ සිටිති.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට පැවැතියේ එක් පුරප්පාඩුවක් වුවත් එම තනතුරට පොලිස් නිලධාරිනියන් අට දෙනකු පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමි ව තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරකට සහ නියෝජ්‍ය පොලිස්පති තනතුරු දෙකකට නිලධාරිනියන් පත් කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහාය ඇතිව පොලිස් දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරය ඉල්ලා තිබිණි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මෙතෙක් එවැනි තනතුරු නොතිබිණි.
2016 වසර අවසන් වනතුරුත් 85,000කින් සමන්විත ශ්‍රී ලංකා කාන්තා පොලිස් බළකායේ දෙවැනි ශ්‍රේණියේ පොලිස් අධිකාරී තනතුරට කාන්තාවන් පත් කිරීම සඳහා ඉඩ තිබුණේ අවස්ථා දෙකකට පමණි. කාන්තා සහකාර පොලිස් අධිකාරී තනතුරු සඳහා 15 දෙනකුට පුරප්පාඩු තිබූ අතර එය 16ක් දක්වා වැඩි කරන ලදි.
ඒ අනුව තිළිණා ජයවර්ධන, නිෂානි සෙනෙවිරත්න, රේණුකා ජයසුන්දර, පද්මිණි වීරසූරිය, දර්ශිකා කුමාරි සහ ධීමති පෙරියප්පෙරුම යන නිලධාරිනියන් 2018 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සහ ඉමාෂා මුතුමාල සහ මදාරා ආරියසේන යන නිලධාරිනියන් 2018 මාර්තු 11 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරටවලට උසස් කරනු ලැබ සිටිති.
නාමිනි විජේදාස (සන්ඬේ ටයිම්ස්)
055
2025 දෙසැම්බර් මස 18
274
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිලධාරිනියෝ අටක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට