IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නරක් වු ලූනු පැටවු කන්ටේනර් - ලොරි දෙකක් පොලිස් බාරයට

(කාංචන කුමාර ආරියදාස)

විදේශ රටකින් ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින ලොකු ලුනු කන්ටේනර්යක් ගලේවෙල  බුලනවැව දී තවත් ලොරියකට පටවමින් සිටියදී  කන්ටේනරය සහ එම ලොරි රථය පොලිස් බාරයට ගත් බව ගලේවෙල පොලීසිය කියයි.

ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් සහිතව කන්ටේනර්  රථයකින් ලොකු ලූනු තොගයක් තවත් ලොරියකට  මාරු කරමින් සිටින බවට පොලීසියට ලැබුණූ තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.

පරික්ෂා කිරිමේ දී ලොකු ලූනු තොගය කන්ටේනර්ය තුළ ම  පැල  වී කුණු වී විනාශ වී  තිබෙනු දක්නට ලැබිණි.

කොළඹ වරායේ සිට  බුලනවැව ව්‍යාපාරිකයකු විසින් මෙම ලුනු තොගය ගෙන්වා ඇත. නරක්වී ඇති  ලොකු ලුනු ඉවත් කර ඉතිරිය  ආහාරයට ගැනීමට සුදුසු ඒවා පමණක් අලෙවි කිරීම සිදු කරන බව  ඔහු පැවසීය.

භාවිතයෙන් ඉවත් කරන ලොකු ලූනූ තොග වරාය මගින් වෙන්දේසි කළ බවත් එම වෙන්දේසිය කිලෝවක් රුපියල් 31 බැගින් ලුනු තොග මිලදී ගත් බවත් ව්‍යාපාරිකයා පොලිසියට කීවේය.

මෙම ලොකු ලූනු ගෙන්වූ බව කියන ව්‍යාපාරිකයා  මෙය නීත්‍යානුකූල ගනුදෙනුවක් බවත් මෙහි කිසිදු අක්‍රමිකතාවයක් සිදුවී නොමැති බවත් පවසමින් ලියකියවිලි කිහිපයක් ලබාදී තිබේ. 

කෙසේ වෙතත් ගලේවෙල පොලිස් ස්ථානාධිපති විතානච්චි මහතා පැවසුවේ තමන් වෙත ලබාදුන් ලිපි ලේඛන  සත්‍ය ඒවාද  යන්න  සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක්  සිදු කරන බවයි.



අදහස් (4)

නරක් වු ලූනු පැටවු කන්ටේනර් - ලොරි දෙකක් පොලිස් බාරයට

Raveendra Friday, 17 November 2017 10:50 AM

හිඟන දේශපාලකයෙක් මෙම නිවට වෙළඳාම පිටුපස ස්ථිර වශයෙන්ම සම්බන්ධ වී ඇත.

:       1       108

Nandalal DE SILVA - France Friday, 17 November 2017 11:53 AM

කන්ටේනරය තුළ ම පැල වී තිබුණු මේ ළූණු අරන්ගියේ පැල කර ලොකු අස්වැන්නක් ලබාගන්න වෙන්න බැරිද ? කන්ටේනරයෙන් බාපු ගමන් හිටෙව්වාම ඉක්මනට පලදාව ලැබෙන නිසා මේ ගොයියාට විශාල අදායමකුත් එකෙන් ලැබෙනවා නේ! භාවිතයෙන් ඉවත් කරන ලොකු ලූනූ (හෝ වෙනත් ආහාර තොග) වරාය මගින් වෙන්දේසි කරන ලෝකයේ එකම රට අපේ ..."සකල සිරින් පිරි සිරි ලංකාව" වෙන්න පුළුවන්. කුණු වෙච්ච එළවලු හෝ පලතුරු සමග මිශ්‍රවී තිබෙන නිරෝගී එළවලු, පලතුරු වුණත් ආහාරයට නුසුදුසු ඒවා බව මෙයා නොදන්නවා ඇති එහෙනම්!! ලොරි රාජසන්තක කර සතොසට බාරදී ගොයියාට විශාල දඬුවමක් ලැබේවිද?

:       0       139

RaveendraFriday, 17 November 2017 02:48 PM

නන්දලාල් මයා වෙත, ඔබගේ අර්ථවත් සහ හාස්‍ය උපදවන අදහස් සමග අපද එකග වන්නෙමු. අප ජීවත්වන පරිසරයේද මේවා කිසිවිටක නැවත වෙළෙඳ පොළට නොපැමිණෙන අතර ඒවා විනාශ කර දමන බවත් කිසිවකු හට ඒවා ලඟට යාමත් කල නොහැක. කෙසේවෙතත් තුට්ටු දෙකේ දේශපාලන අම්බරුවන්ගේ අම්බැට්ටයෙක් මේ සඳහා මූලිකත්වය ගෙන ඇතිබව නම් කිව හැක.

:       0       125

rohana kumar mendis Sunday, 19 November 2017 09:49 AM

මම අහන්නේ ඕක නෙමේ. ඔය ළුෑණු ගෙන්නුවේ වරාය හරහානේ... එතකොට ඔය අවංක, නිහතමානි රේගුවේ මහත්වරු ඕක දැක්කේ නැද්ද? නොදැකද අවසරය දුන්නේ නිදහස් කලේ? ඉතිරිය ලියන්න ඕනේ නෑනේ... ඉතින් රේගුවේ මහත්වරු ගැන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site