IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


නායයාමෙන් අවතැන්වූවෝ ගමට යන්න ඕනෑ යයි කියති

(අජිත්ලාල් ශාන්තඋදය)

නායයාමේ අවදානම් නිසා මේවන විට ජනතාව ඉවත් කර ඇති ප‍්‍රදේශවල අවතැන් ජනතාවට කළයුත්තේ කුමක් දැයි යන්න පිළිබඳ පැහැදිලි තීරණයක් ලබාදීමට කිසිවකුත් සමත් නොවීම නිසා ජීවිත අවදානම නොතකා යළි තම නිවාස වල යාම හැර වෙනත් විකල්පයක් නැතැයි එම අවතැන් වූ ජනතාව පවසති.

‘පොලීසියයි ග‍්‍රාම නිලධාරී මහත්වරුයි ඇවිත් අපිට ඉන්න එපා කියලා ඉවත් වෙන්න කිව්වා. අපි කඳවුරුවල ඇවිත් දැන් සතියක් විතර වෙනවා. අපෙ ගෙවල්වල තියන බඩුමුට්ටු ඉවත් කරගන්න තැනක් නෑ. ඒවා ගෙවල් වල. කන්න බොන්න ලැබෙන එක ඇත්ත. නමුත් මෙහෙම හැමදාම අපිට ඉන්න බෑ. මේ තැන්වල සනීපාරක්‍ෂක පහසුකම් ප‍්‍රමාණවත් නෑ. තාවකාලිකව ඉන්න ගැටලූවක් නෑ’ යැයි අවතැන්වූ ජනතාව එසේ මැසිවිලි නගති.

‘අපේ ගම්මාන නාය යනවාද නැද්ද කියලා හරියට ම අපිට කියන්නේ නෑ. වැස්ස වැඩි වුණොත් නාය යන්න ඉඩ තියෙනවා  කියලා කියනවා. දැන් අපේ දෛනික ආදායම් පවා මගහැරිලා.වැස්ස නිසා කිරි කපාගන්න බෑ. අවදානම නිසා තේ දළු ටික කඩාගන්න බෑ. සමහරු දවල්ට දළු කඩන්න යනවා. කුලී වැඩට යන කෙනෙකුට ඒකට යන්න විදියක් නෑ. කවුරුත් නැති නිසා සමහර ගෙවල් හොරු බිදිනවා. ඒ හින්දා ගෙවල්වල කවුරුහරි ඉන්න වෙනවා. වතු පිටිවල තියෙන  කිසි දෙයක් දැන් තියාගන්න නෑ හොරු බෝවෙලා. ගහක පොල් ගෙඩියක් තියන්නෙම නෑ. ගමේ කවුරුත් නැතිවග දන්න හින්දා පිටතින් හොරු එන්නේ කල්ලි පිටින්.‘ නායයාමේ අවදානමෙන් ඉවත්කළ ජනතාව නගන පොදු ප‍්‍රශ්නයකි.

මේ පිළිබඳව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයෙන් විමසු අවස්ථාවේ එහි ප‍්‍රකාශකයෙක් පැවසුවේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ රත්නපුර, ඉඹුල්පේ, බළන්ගොඩ, පැල්මඩුල්ල, ගොඩකවෙල, කහවත්ත, නිවිතිගල, කලවාන, කුරුවිට, අයගම සහ ඇහැලියගොඩ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් නායයාමේ අවදානම් ස්ථාන පිළිබඳව වැඩි වැඩියෙන් වාර්තා වන බවයි.

‘බොර වතුර පාරක් පොළොවෙන් මතුවීම, අසාමාන්‍ය ලෙස පොලොවේ පැලූම් ඇතිවීම, ගස්කොළන් පහළට ඇදවීම ආදී තොරතුරක් ආ සැනින් ඒ ප‍්‍රදේශවල ජනතාව ඉවත්කර ආරක්‍ෂිත ස්ථානවලට යවන්න කියලා සියලූම ප‍්‍රාදේශීය ලේකම්වරුන්  හරහා ග‍්‍රාම නිලධාරීන් දැනුවත් කරලා තියෙන්නේ. ඒ නිලධාරීන් වහාම ජනතාව ඉවත් කරනවා.’

‘මේ වගේ අවස්ථාවක දී ක්‍ෂණිකව විසදුම් දෙන්න අමාරුයි. ඒ සදහා පවතින නීතිරීති අනුව ක‍්‍රියා කිරිමට රජයේ නිලධාරීන් වන අපිට සිදුවනවා. දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ අය වගෙ අපිට වචනවලින් තීරණ දෙන්න බෑ. ඒනිසා රජයේ නිලධරින් විදියට අපි මුලින් ම කරන්නේ ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කර දෙන එකයි. ඉවත්වෙන්න කියලා කියපු කිසිම තැනකට දැනුම් දෙනතුරු යන්න එපා . ජීවිත වෙනුවෙන් ඉවසන්න කියන එක තමයි ඒ අයගෙන් අපි ඉල්ලන්නේ. මිලිමීටර් 100ට වැඩිවැස්සක් වැටුනොත් නායයාමේ අවදානම තියෙයි කියලා අනතුරු අඟවලා තියනවා. එහෙම තියෙද්දි ඉන් බාහිර තීරණ දෙන්න අපිට බෑ. තවම වැස්සේ අවදානම අඩුවෙලා නෑ.’ නම සඳහන් නොකරන ලෙස ඉල්ලූ එම ප‍්‍රකාශකයා පැවසුවේ ය.



අදහස් (0)

නායයාමෙන් අවතැන්වූවෝ ගමට යන්න ඕනෑ යයි කියති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site