IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ස්වාධීන ප්‍රකාශයක් කරන්න ඉල්ලයි

තරිඳු ජයවර්ධන

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු මුදා හැරියේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීනව ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අද අධිකරණයට දැනුම් දුන්නේය.

ගමගේ කුමාරලාල් පෙරේරා නම් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර තමාට ද කරුණු කීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් මුදා හරින අවස්ථාව වන විට යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා වූයේ ඒ මහතාය. ඒ මහතාට ඉහළින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වූයේ රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාය.

විද්‍යා සිසුවිය අපයෝජනය කර මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන ස්විස් කුමාර්   මුදා හැරියේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා ලබන 22 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (08) නියෝග කළේය.

විද්‍යා සිසුවිය ඝාතනය කරනු ලැබුවේ කයිට්ස් මහේස්ත්‍රාත් බල ප්‍රදේශෙයේ වුවත්  ස්විස්කුමාර් නම් සැකකරු මුදා හැර ඇත්තේ එම බලප්‍රදේශයේ නොවන බැවින් මෙම පැමි‚ල්ල පවත්වාගෙන යා යුත්තේ කුමන අධිකරණයක දැයි ඊළඟ නඩු වාරයේ නීතිපතිගෙන් විමසා දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

යාපනය පුංකුඩුතිව්හි පදිංචිව සිටි ශිවයෝගනාදන් විද්‍යා නම් පාසල් දැරිය 2015 මැයි 13 වැනි දා පැහැරගෙන ගොස් අපයෝජනය කර මරා දැමීමේ සිදුවීමට  පොලිසියට රැගෙන ආ ස්විස් කුමාර් නම් සැකකරු මුදා හැරීම සම්බන්ධ පැමිණිල්ල අද (08) කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය. රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත්තේ සාධාරණ හේතුවක් නැතිව බවත්, ඔහුට ඇප දීමට කිසිම බාධාවක් නැති බවත් ඔහුගේ නීතීඥවරු අධිකරණයට දැන්වූහ. ඒ ගැන දීර්ඝ කරුණු දැක්වීමක් කළ නීතීඥවරු   ලලිත් ජයසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස   ඉල්ලා සිටියහ.

විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනය පවත්වා උදෘත නීතිපතිට යොමු කළ බවත්, නීතිපති උපදෙස් ලැබුණු පසු සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත් බවත්, ස්විස් කුමාර් මුදා හැරීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි එහි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතා සහ රජයේ නීතීඥ එස් නිශාන්තන් මහතා අධිකරණයට දැන්වූහ.

ස්විස් කුමාර් මෙම ඝාතනයට අත්‍යාවශ්‍ය සැකකරුවකු බව තමා ලලිත් ජයසිංහ මහතාට දැන්වූයේයැයි ද, ඒ අනුව ස්විස් කුමාර් ගෙන එන ලෙස උප පොලිස් පරීක්ෂක ශ්‍රීගජන් සහ තවත් පොලිස් කොස්තාපල්වරයකු ලබා දුන්නේයැයි ද, ලලිත් ජයසිංහ මහතා ලබා දුන් උප පොලිස් පරීක්ෂකගේ පෙරැත්තට ස්විස් කුමාර් තම මෝටර් රථයේ නංවාගෙන යාපනය පොලිසියට ගෙන ආවේයැයි ද කොළඹ නීති පීඨයේ හිටපු පීඨාධිපති තමිල් මාරන් මහතා ප්‍රකාශ කළ බව   රහස් පොලිසිය සහ රජයේ නීතීඥවරයා දැනවූහ. ස්විස් කුමාර් සැකකරුවකු බව ලලිත් ජයසිංහ මහතා දැන සිටි බව ස්විස්කුමාර්ගේ රට ගමන් නවත්වන ඔහුගේ ගුවන් ගමන් බලපත් අංකය ජයසිංහ මහතා විසින් උප පොලිස් පරීක්ෂකවරයකුට  ලබා දීමෙන්ම පෙනී යන් බව ද ඔවුහු කීහ.

වෙනත් නඩුවකට දැනට බන්ධනාගාර ගතව සිටින පොලිස් පරීක්ෂක චින්තක බණ්ඩාර මහතාගෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත්, රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට තිඛෙන බවත්, පරීක්ෂණ තවම අවසන් නැති බවත් රජයේ නීතීඥවරයා දැන්වීය.  

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා ලබන 22 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.



අදහස් (0)

නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ස්වාධීන ප්‍රකාශයක් කරන්න ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site