IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නියඟයෙන් ලක්ෂ 10කට පීඩා

(ඩයනා උදයංගනී)

දිවයිනේ පළාත් 7ක දිස්ත‍්‍රික්ක 16කට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් පවුල්  315 775කට අයත් 1 088 197 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

උතුරු, නැගෙනහිර, උතුරුමැද, වයඹ, දකුණු, මධ්‍යම, ඌව යන පළාත්වල  ජනතාව මෙලෙස නියඟයෙන් පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය අද (27) දහවල් 12.00 ට නිකුත් කළ තත්ත්ව වාර්තාවේ දැක්වේ.

මෙයින් වැඩිම පීඩාවකට ලක්ව සිටින්නේ උතුරු පළාතේ ජනතාව වන අතර එම පළාතේ යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ මන්නාරම යන දිස්ත‍්‍රික්කවල පවුල් 1,33,678 කට අයත් 4,62,815 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

පීඩාවට පත්වී සිටින්නන් සඳහා ජල බවුසර් හා ජල ටැංකි යොදාගෙන ජලය සැපයීමට දිස්ත‍්‍රික් ලේකම්වරුන් හරහා පියවර ගෙන ඇතැයි ද ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල ඇතැම් ප‍්‍රදේශයන්ට මේ වන විටත් යම් තරමකින් වැසි ලැබෙමින් පවතින අතර සැප්තැම්බර් මාසයෙන් පමණ පසු අන්තර් මෝසම ආරම්භ වූ පසු තද වැසි ඇති විය හැකි බවයි.



අදහස් (0)

නියඟයෙන් ලක්ෂ 10කට පීඩා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1044 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site