IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


නාමල් - නාලක කටහඬ ගැළපෙයි

(නිමන්ති රණසිංහ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන දෙදෙනාගේ කටහඬ, අදාළ දුරකතන සංවාදය සමග සැසඳෙන බවට රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මේ දෙදෙනාගේ කටහඬ පරීක්ෂාවට අදාළ රස පරීක්ෂක වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (08) රජයේ රස පරික්ෂකවරයා වෙතින් ලබාගෙන ඇති අතර සඳහා එය එම දෙපාර්තමේන්තුව විසින් ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දෙනු ලැබීය.  

එය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර දෙනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
මිනීමැරුම් විමර්ශන අංශයේ උ.පො.ප. කේ.එම්.එම්. කුමාරසිංහ මහතා විසිනි.

මෙම වාර්තාව සූදානම් බවට රජයේ රස පරීක්ෂකවරයා පෙරේදා (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ෆැක්ස් පණිවිඩයක් මගින් කර තිබූ දැනුම්දීමට අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුව වෙත නියෝග කළේ එම වාර්තාව රජයේ රස පරීක්ෂකවරයා වෙතින් ලබා ගන්නා ලෙසය.

මෙම සිද්ධියට අදාළ දුරකථන සබඳතාව සම්බන්ධයෙන් කටහඬ සාම්පල් පරීක්ෂාව සඳහා නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා රජයේ ප්‍රධාන රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් වූයේ ඉකුත් 28 වැනිදාය.

මෙම කටහඬ පරික්ෂාව සඳහා සිද්ධියේ පැමිණිලිකරු වූ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ඉකුත් 26 වැනිදා ය.

මෙම සිද්ධියට අදාළව අධිකරණයේ පවතින නඩුව සඳහා සහාය වීමට පෙරේදා (08) අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා සහ නාමල් කුමාර යන දෙදෙනාට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම තහනම් කෙරිණි.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට නැගෙනහිර පළාතේදී ද, සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාට කොළඹදී ද අනතුරක් සිදුකරන්නැයි ද පොලිස් කොමිසමේ නිලධාරීන්ට හා උසස් පොලිස් නිලධාරීන්ට අපහාස වන අන්දමින් සමාජ ජාලා වෙබ් අඩවිවලින් සහ මුහුණු පොතින් තොරතුරු පළකරන්නැයි ද නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තමාට පැවසූ බවට නාමල් කුමාර මහතා අපරාධ පරීක්ෂණ  පාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි. 

ඒ අනුව මෙම සිද්ධියට අදාළ වූ ජංගම දුරකතනයේ ඇති දත්ත විශ්ලේෂණය කර වාර්තාවක් වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් ඉකුත් නඩු දිනයේදී රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් ද නිකුත් කර ඇත. 

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මර්සියෙල් තෝමස් නැමැති ඉන්දියානු ජාතිකයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටද අධිකරණය ඉකුත් 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබිණි.

 



අදහස් (8)

නාමල් - නාලක කටහඬ ගැළපෙයි

angelo nugara Wednesday, 10 October 2018 04:54 AM

අන්තෝ ජටා බහි ජටා මුන්ගේ තනතුරු වල විරුද්ද පැත්තනේ මුන් කරලා තියෙන්නේ

:       0       27

smith Wednesday, 10 October 2018 04:59 AM

දැන් මොකක්ද ගැලපෙන්නේ නැත්තේ?

:       0       19

Uditha - London Wednesday, 10 October 2018 05:00 AM

හොද හොද සෙල්ලන් එලි වෙන ජාමේදී කිව්වලු....... මෙය ඉතාමත් දරුණු ඛේදනීය තත්වයක්.. රටේ නීතිය ආරක්ෂාව වෙනුවෙන් පත් කරලා තියන ඉහළ නිලධාරීන් මෙවන් දේ කරන්න පෙළබෙනවා කියන්නේ ඉතාමත් අයහපත් තත්වයක්... බුද්ධි අංශ විසින් මොනම හෝ දෙයක් කරන්න ඕන. රටේ සම්පුර්ණ ආරක්ෂක පද්ධතිය ත්‍රිවිධ හමුදාවම එකතු වෙලා යම් විදිහේ වෙනසක් එකක් කරන්න ඕන කාලේ..

:       0       37

සෙනෙවි Wednesday, 10 October 2018 05:40 AM

සාධාරණ උද්ඝෝෂණ වලදී පවා ඔළු පලා වහාම හිර භරයට ගන්නා පොලීසිය රාජ්‍ය නායකයා ඝාතනය කිරීමට කර ඇතැයි සකකරන කුමන්ත්‍රණයකදී මන්ද ගාමී ලෙස කටයුතු කිරීම බරපතල කරුණකි. මේ අනුව අපට හිතෙන්නේ මෙම කුමන්ත්‍රණයට රජයේ යම් දේශපාලන බලවතුන් පිරිසකගේ සම්බන්දයක් තිබිය හැකි බවයි

:       20       152

OMGWednesday, 10 October 2018 06:28 AM

දේශපාලකයෝ සම්බන්ධ නැත්තේ මොකටද?

:       0       25

raawana Wednesday, 10 October 2018 06:13 AM

පෙරහැර වල නටන්න යන්න....

:       0       0

Soma dubayi Wednesday, 10 October 2018 06:18 AM

මේවා බොරු කතා ........... ගරු නාලක මහතාත් ගරු අගමැතිතුමත් අපිට විශ්වාසයි...

:       1       1

OMG Wednesday, 10 October 2018 06:31 AM

මේ රට ගැන අපිට තියෙන කල කිරීම ගැන ලියන්න ගියොත් ගස් ලක්ෂයක් විතර කපන්න වෙනවා කොළ නිෂ්පාදනය කරන්න. ඒ තරමටම කල කිරිලා. පිට රටකට ගිහින් කුලී වැඩක් කලත් හිතට සැපයි.

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 390 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 109 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site