ස්ටෝක්හෝම්හිදීය (ඒ.එෆ්.පී)
මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය අද (6) සමත්විය.
න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සහ න්‍යෂ්ටික අවි තහනම් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සැබෑවක් බවට පත් කිරීම සඳහා ‘ න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ කරන ලද සුවිශේෂී කාර්යභාරය අගයමින් නොබෙල් සාම ත්‍යාගය එම ව්‍යාපාරයට ලබාදෙන බව නොබලේ කමිටුවේ ප්‍රධානි බෙරිත් රෙයිස් ඇන්ඩර්සන් පැවැසුවාය.
“අයිකැන්, එසේත් නැතිනම් ‘න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ න්‍යෂ්ටික අවි තහනම් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට යථාර්ථයක් බවට පත් කිරීමට ඔවුන් කළ මෙහෙය කිසිදු අවස්ථාවකදී අමතක කරන්න බැහැ. අපි අද ජීවත්වන්නේ ඉතිහාසයේ කිසිදු අවස්ථාව නොවි විරු අයුරින්, න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ අවදානමක් තිබෙන මොහොතක” යැයි උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් බෙරිත් රෙයිස් ඇන්ඩර්සන් කියා සිටියායා.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ නොබෙල් කමිටුවේ ප්‍රධානි බෙරිත් රෙයිස් ඇන්ඩර්සන් මෙසේ ද කීවාය.
“නොබෙල් සාම ත්‍යාගය ‘න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ට ලබාදීමෙන් ලොව රටවලට සුවිශේෂී පණිවිඩයක් ගෙන යනවා. න්‍යෂ්ටික අවි දැඩි නියාමනයකට යටත් කිරීම, න්‍යෂ්ටික අවි ලොවින් තුරන් කිරීම යනාදි පණිවිඩ ලෝකයට ගෙන යනවා. අද වනවිට ලෝකයේ න්‍යෂ්ටික 15,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේ සියල්ල අපේ ලෝකයෙන් ඉවත් කළ යුතුයි”
055
COMMENTS
අැමරිකා ජනපති කියනවා තවදුරටත් න්‍යෂ්ඨික අවි දියුණු කරන බවට. මේ කියන සංවිධානයට පුලුවන්ද එ්ක නවත්තන්න. මේ සංවිධාන අැවිත් අැමරිකාවේ සුපිරි බලය අාරක්ෂා කරදීමට. අනෙක් රටවල් බලවත් වෙනකොට එ්වට බාල්දි පෙරලන්න අාව සංවිධාන. මොවුන්ට පුලුවන් වුනාද එකම රටකවත් න්‍යෂ්ඨික අවියක් ගලවන්න. එහෙම ගැලෙව්වේ එකම එක රටයි. එ් දකුණු අප්‍රිකාව. එ්කත් පාලක සුදු ජාතිකයන් කලු ජාතිකයන්ට පාලන බලය හුවමාරු කරන අවස්ථාවේ. මම හිතන්නේ න්‍යෂ්ඨික අවි තියනකන් ලෝකය සාමකාමි. මොකද දෙවන ලෝක යුද්ධෙයන් පස්සේ න්‍යෂ්ඨික බලැති රටවල් අතර මහපරිමාන යුද්ධ අැතිවුනේ නෑ එ් ඔවුනොවුන් එකිනෙකාට බිය නිසා. උතුරු කොරියවේ එම අවි නැත්තන් අද එ් රට අැමරිකාවේ තවත් එක බලකොටුවක්.
අපේ ගොයියට ඕක දෙනවා කියලා ගොනාට ඇන්ඳෙව්වා නේද ?
අපේ ගොයියා නම් ඕව් ඔව් කියන්න ඇති
කව්රු කොහොම කීවත් අපේ රටේ යුද බෝම්බ බිය නැතිකළ සැබෑ සාමය උදාකළ නායකයට මගේ ප්‍රණාමය, දැන් අනික් කයිවාරු කාරයන්ට බොරු සාම කයිවාරු ගගහ ඉන්න පුළුවන්. අහිංසක මිනිස්සු මැරෙන එක විතරයි.
අයිකැන්, එසේත් නැතිනම් ‘න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ කර තිබෙන සේවය ගැන බොහෝ දෙනෙකුට දැනුම අඩුයි. ඒ නිසා නිකම් දොඩවනවා. මේ අයට මේක දුන්න එක හොඳ දෙයක්. ඒත් නොබෙල් සාම ත්‍යාගය වැදගත් කමින් අඩු කරන අය නිසා තමා ප්‍රශ්නය. දැන් බලන්න බුරුමයේ (මියන්මාරයේ) අන් සන් සුකි. පේනවා නේද වැඩ කරන හැටි.
පව් අප්පා අපේ උන්නැහේ. දට කට මැදගෙන උන්නේ. බලමු වෙන එකක් ලබන වසරේ. මොකද ලබන අවුරුද්ද වෙන කොට අපේ රටේ දුප්පත් කෙනෙක් හොයා ගන්නවා බොරු. මේ අපි ගෙවන්නේ දුප්පත්කම නැති කරන අවුරුද්දනේ.