(ක.ග කරුණාරත්න)
හබරණ තූම්බිකුලම රක්ෂිතයේ බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ඉපැරණි දාගැබක් විනාශ කරමින් නිධන් හාරමින් සිටි බව කියන නව දෙනකු අද (12) අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය කියයි.
පොලීසිය එම ස්ථානය වැටලීම කරන අවස්ථාවේ මන්ත්‍ර කියමින් සිටි කට්ටඬියකු පොලිසිය දැක පලා යාමට උත්සාහ දරා තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැලකෙන ඉපැරණි දාගැබක් ඇතුළු බෞද්ධ පුරාවස්තු රැසක් මෙම ප්‍රදේශයේ ඇතැයි කියැවේ.
එම දාගැබේ අඩි 10 ක් පමණ පළල සහ අඩි 12ක් පමණ දිග විශාල වළක් හාරා තිබූ බවත් ඉන් පැරණි පාදමක ගල් ආදිය ගොඩ දමා ඇති බවත් පොලිසිය කීය.
සැකකරුවන් පැමිණි බව කියන නවීන පන්නයේ වෑන් රථයක්, බැකෝ යන්ත්‍රයක් සහ පූජා භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිධන් හැරූවැයි 09ක් සැකපිට