IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නැදුන්ගමුවේ රාජාගේ රුව මුද්දරයකට

(තිලකරත්න දිසානායක)
 
ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියා ලබාදී ඇති ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා හස්තියාගේ රුව ඇතුළත් රුපියල් 45 ක් වටිනා තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත. 
 
මේ සඳහා වන රාජ්‍ය උත්සවය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම මස 30 වෙනි දින පෙරවරු 9 ට සිය නිවෙස්දී සිදු කිරීමට කටයුතු යොදා ඇති බව රාජා හස්තියාගේ හිමිකරු වන ගම්පහ,  නැදුන්ගමුවේ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය. 
 
දොළොස් වතාවක් මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති රාජා හස්තියා මේ වනවිට  66 වියෙහි පසුවන අතර , මීට වසර 60 කට පමණ පෙර ඉන්දියාවේ මහරාජා වරයෙකු විසින් ඔහුගේ රෝගයක් සුවකළ පිළියන්දල , නීලමහර වෙද හාමුදුරුවන් වෙත තිළිණයක් ලෙසින් පරිත්‍යාග කොට ඇතත් පසු කළෙක අභාවප්‍රාප්ත නැදුන්ගමුවේ වෛද්‍යාචාර්ය පී.ඩී.පී.ධර්මවිජය මහතා මිලදී ගැනීමෙන් පසුව මේ වනවිට එම වෛද්‍යවරයා වරයාගේ පුත්‍ හර්ෂ ධර්මවිජය මහතාගේ රැකවරණය යටතේ  හැදී වැඩෙන්නේය.
 
තැපැල් මුද්දරය සහ මුල්දින කවරයක් නිකුත් කිරීමේ උත්සව අවස්ථාවෙන් පසුව රාජා හස්තියාට දීර්ඝායු සහ සෙත් පතා වැලමිටියාවේ කුසලධමම නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කරනු ලබන  බවද ධර්මවිජය මහතා පැවසීය. 
 
 මෙම අවස්ථාවට ගම්පහ දිසාපති සුනිල් ජයලත් , ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක , දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර , තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජා හස්තියාගේ ආරක්ෂාව සැලසීම පිනිස උපදෙස් ලබාදීම සිදු කරන යුධ හමුදාපති සහ පොලිස්පති වරයාට සහ ප්‍රභූන් පිරිසකට තමන් ආරාධනය කරන බවත් හෙතෙම සඳහන් කළේය. 
 
 
 



අදහස් (4)

නැදුන්ගමුවේ රාජාගේ රුව මුද්දරයකට

Walter White Tuesday, 24 December 2019 07:16 AM

අනාගතේ දවසක මේ රට ශිෂ්ඨ වුණොත් ඒ මිනිස්සු මේ මුද්දර බලලා කියාවි මෙන්න දරුවනේ වහල් මෙහෙයේ දීලා හිටි අවාසනාවන්ත සතෙක්.., මුළු ජීවිතයම කලේ මිනිස්සුන්ට බැලමෙහෙවර කිරීමක්, කියලා කණගාටු වේවි..!

:       0       0

Bamunuarachchci Tuesday, 24 December 2019 07:39 AM

අන්න හොඳයි! සතෙක් උනත් කල සේවයට ගරු කිරීමට අපේ ආගමේ උගන්වා තිබෙනවා.

:       0       0

ගල්මංගොඩ Tuesday, 24 December 2019 12:29 PM

ලෝකෙන්ම හීලෑ විශාලතම හස්තියා කවුද?

:       0       0

Champa Tuesday, 24 December 2019 04:17 PM

මේක නම් හොඳ දෙයක්... නැදුන්ගමුවේ ඇතා දැන් අපේ ජාතික වස්තුවක්. හමුදා මුරකාවල් ඇතුව ගමන් කරන ලෝකේ එකම ඇතා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site