(ඉන්දිකා රාමනායක)
මහමැතිවරණය වෙනුවෙන් අපේෂකයන්ගේ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු ඉවත් කිරීම සදහා පොලිසිය වෙත ලක්ෂ 758 ක මුදල් ප්‍රතිපාදන හිමිව ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.
මේ වෙනුවෙනුවෙන් පොලිස් නිලධාරීන්ට අමතරව විරෝධී ප්‍රචාරණ කටයුතු ඉවත් කිරීම සදහා කම්කරුවන් 1539 දෙනකු පොලිස් ස්ථාන මට්ටමින් බඳවාගෙන ඇති බව පොලිස් මුලස්ථානය ආරංචි මාර්ග පවසයි.
මෙම කම්කරුවන් මේ වනවිට පොලිස් නිලධාරීන් සමග එක්ව අපේක්ෂකයන් අයත් පෝස්ටර්, බැනර් කටවුට් ඉවත් කරමින් සිටින බවද පොලිස් මුලස්ථානය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මැතිවරණ වෙනුවෙන් අපේක්ෂකයන්ගේ අංක, පෝස්ටර් , කටවුට්, ප්‍රදර්ශණය කිරීම හා ඩිජිටල් ප්‍රචාරණ කටයුතු සම්පුර්ණයෙන්ම තහනම් වේ.
COMMENTS
ඔච්චර ලොකු මුදලක් ඔය වැඩේ හින්දා කාබාසිනියා වෙනවා නම් ඔයිට වඩා හොඳ නැද්ද හොඳට හොයලා බලලා තහවුරු කරගෙන අදාළ අපේක්ෂකයින් හැමෝගේම අපේක්ෂකත්වය අවලංගු කර දැමීම..?
ලොකු මහත්තයෙක් "මගේ පින්තුරයක් වත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට යොදා ගන්න එපා" කියල නිවේදන නිකුත් කරලා මාධ්‍යයෙන් ලොකු ප්‍රචාරයක් අරගෙන ඊට පස්සෙන්ද අනුරාධපුරයට ගිහින් මැතිවරණ ප්‍රචාරන කටයුතු ආරම්භ කරපු එක නීති විරෝධී නෙවෙයිද? නැත්නම් සදාචාරාත්මකද? දන්නේ නැති නිසයි අහන්නේ...
පුදුමයි නේද? මේ රටේ මුදල් නැති නාස්ති වෙන හැටි.... මේ... රටේ දුක් විඳින අහිංසක ජනතාවගේ බදු මුදල් නේද? මේ දේශපාලකයන්ගෙන් මේ මුදල් අය කරගන්න බැරි ඇයි? ඔවුන්ගේ වරදට නිරපරාදේ මේ නාස්ති වෙන්නේ මහජන මුදල් නේද දෙවියනේ? රටකට ගිය කලක්... ඒ වුණත්, අපේ මිනිසුන් ජාතිකත්වය, ආගමිකත්වය ගැන ගහන පම්පෝරි වලින් නම් නිමක් නෑ. ඒ වුණාට වැඩ මෙහෙමයි. කිසිවකු ඇත්ත ඇති හැටියට දකින්නේ නෑ බොරු පුරාජේරු විතරයි. නිල්, රතු, කොළ කොයි පක්ෂයත් එකතුවී මේ මුදල් නාස්තිය ගැන කතා නොකරන්නේ ඇයි? මේවා මහජන මුදල් නේද? මේ මුදල් නැති බැරි කෙනෙකුට යමක් කර ගැනීමට යොදවන්න පුළුවන් නේද?
සල්ලි ටික කළමණාකරණය කරන්න අමාරුකමක් තියෙනවා නම් බැසිල් ලොක්කාටම දෙමු...