(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ රුපියල් 2,10,000 ක් පමණ වටිනාකමකින් යුතු විදේශීය දුම්වැටි තොගයක් අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
විදේශීය නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 4200 ක්, අඩංගු දුම්වැටි කාටූන් 21 ක් සිය ගමන් මල්ලේ සඟවාගෙන රැගෙන විත් ඇත්තේ කලක් ඩුබායි හි සේවය කර ඇති පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු මෙම දුම්වැටි තොගය රැගෙන අද (15) අලුයම 5.00 ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු අතර සැක සිතු රේගු නිලධාරීන්ට මෙම දුම්වැටි තොගය සොයා ගැනීමට හැකිව තිබේ.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ ගුවන් තොටුපොළ රේගුව , මෙම දුම්වැටි තොගය රාජසන්තක කර මේ පුද්ගලයාට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd