IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


නැතිවී ගිය සාගර කීර්තිය යළි ගෙනෙන බව රාජ්‍ය ඇමැති රුවන් කියයි

(හර්ෂණ තුෂාර සිල්වා/ ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

වෙළෙඳාම හා සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර දියුණු කරමින් නැති වී ගිය සාගර කීර්තිය නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම සඳහා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) කොළඹ දී පැවැසීය.
ඉන්දීය සාගරය සියලු තර්ජන සහ අභියෝගවලින් නිදහස්ව තබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සෑම විටම අනෙකුත් ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද ඒ මහතා එහිදි කීය. 
‘උසස් සාගර ආරක්ෂාවක් උදෙසා පුළුල් සාගර දැක්මක්’ යන තේමාව යටතේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැති ‘8 වැනි ගාලු කථිකාව සහ ජාත්‍යන්තර සාගර සමුළුවේ’ ආරම්භක සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එම කරුණු කීවේය. 
ඉන්දීය සාගර කලාපයේ ලොව බලය නිර්මාණය කරන තැනක් බවට පත්වෙමින් තිබෙන බව එම නිසාම අනාගත පරම්පරාවල පැවැත්වීම තහවුරු කිරීම හා සුරක්ෂිත කිරීමේ භාරදූර වගකීමක් අප වෙත පැවැරී ඇතැයි ද කී රාජ්‍ය අමාත්‍යවරයා අනාගතයේ කටයුතු තීරණය කිරීමේදීත් වත්මන් කටයුතුවලට බලපෑම් කිරීමේදීත් සාගර විෂය සහ ඒ සම්බන්ධ කටයුතු සැලකිය යුතු සහ වැදගත් සාධකයන් බවට පත්ව තිබෙ බවත් එම නිසා ගාලු කතිකාව වැනි ජාත්‍යන්තර සාගර සමුළු සාගර ප්‍රජාවේ සබඳතා වැඩි දියුණු කිරීමට ශක්තිමත් කිරීමට අවස්ථාව සපයන තෝතැන්නක් බවට පත්ව තිබෙන බවත් කියා සිටියේය.
‘‘ඔබ නාවික හුමවාරු කටයුතු දෙස බැලුවොත් ඉන්දීය උප මහද්වීපයේ කටයුතුවලින් සියයට 70කට වඩා වැඩි සංඛ්‍යාවකට පහසුකම් සපයන්නේ අපි. ඉතා වැදගත් නෞකා මහාමාර්ග ශ්‍රී ලංකාවට දකුණෙන් පිහිටා තිබෙනවා. එම නෞකා නැගෙනහිර සිට බටහිර බලශක්තිය රැගෙන යනවා. ඉදිරි වසරවලදී අපි වැදගත් පියවර තැබීමට බලාපොරොත්තු වෙනවා. 
මේ සියලු කටයුතුවලදී අපි අපේ මිත්‍රයන්ගේ සහාය, උපකාරය බලාපොරොත්තු වෙනවා. ඉන්දීය සාගරය සියලු තර්ජන සහ අභියෝගවලින් නිදහස් කිරීමට අප සියලු ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.  
ඉන්දීය සාගර කලාපය 21 වැනි සියවසේ සියල්ල ආකර්ෂණ කරගන්නා කේන්ද්‍රස්තානය සහ 21 වැනි සියවසේ බලයේ නිර්මාණය කරන ස්ථානය බවට පත්වෙමින් තිබෙන බොහෝ දෙනා විසින් පවසන කරුණක්. ඒ නිසා අනාගත පරම්පරාවල පැවැත්වම තහවුරු කිරීමේ සුවිශේෂී වගකීමක් අප වෙත පැවැරී තිබෙනවා. අපේ සාගර මානව වර්ගයාගේ යහපත සඳහා පමණක් භාවිත කරන බව තහවුරු කිරීම අපේ වගකීම” යැයි  ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා  තවදුරටත් කීය.


 



අදහස් (0)

නැතිවී ගිය සාගර කීර්තිය යළි ගෙනෙන බව රාජ්‍ය ඇමැති රුවන් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site