(ටී.කේ.ජී.කපිල )
ඩයසපෑම් (Diazepam) නැමති වෛද්‍ය අනුමැතියකින් තොරව නිකුත් නොකරන, රජයේ ඔසුසල් වලින් පමණක් පාලනයක් ඇතිව නිකුත් කරන බෙහෙත් පෙති තොගයක් සමඟ ඒවා විදේශ ගත කිරීමට රැගෙන ආ නියෝජිතවරයකු අපනයනය ගුවන් බඩු ගම්මානයේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
2008 අංක 01 දරණ මාධක ඖෂධ සහ මනෝවර්තක නීතිවිරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම රේගු නිලධාරීන් විසින් සිදුකර තිබේ .
දිගුකාලීනව දැඩි ලෙස පීඩා විදින රෝගීන් සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කරන මෙම ඖෂධය භාවිතා කිරීමෙන් එම රෝගීන් වේදනානාශකයක් ලෙස භාවිතා කරන බව රේගුව පවසයි.
39 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ උප නියෝජිතවරයකු මගින් එක්සත් රාජධානිය වෙත යැවීම සඳහා මෙම ඖෂධ පෙති තොගය පෞද්ගලික කූරියර් සමාගමකට බාර දී තිබිණි .
රේගු නිලධාරීන්ට ඇති වූ සැකය මත මෙම පාර්සලය විවෘත කර පරීක්ෂා කර බලත්දී මෙම ඖෂධ තොගය අනාවරණය වී තිබේ .
එම පාර්සලය තුළ මෙම ඖෂධ පෙති 120,000 ක් ඇති අතර, ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් 8 ක් බවත් මෙම පෙති තොගයේ වටිනාකම රුපියල් 1,20,000 ක් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නීතිවිරෝධි ඖෂධ තොගයක් ගුවන් තොටෙන් අල්ලයි