( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිතුණු ආගමික මධ්‍යස්ථාන වලට පහරදී ඇතැයි නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා කළ ප‍්‍රකාශය ගැන පරීක්ෂණයක් පවත්වා සුදුසු නීතීමය පියවර ගන්නැයි පැමිණිලි 4 ක් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරිය වෙත අද (28) බාර දී තිබිණි.
හිමිවරු තිදෙනෙක් සහ පන්නිපිටිය හිරිපිටියේ පදිංචිකරුවෙක් එම පැමිණිලි බාර දුන්හ.
එම නීතිඥවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් කළ එම ප්‍රකාශය නිසා මේවන විට මහජන කැළඹීමක් ඇති ව තිබේයැයි එම පැමිණිලිවල සඳහන් වෙයි.
එබැවින් එම නීතීඥවරයා කළ සාවද්‍ය ප‍්‍රකාශය හේතුවෙන් තවදුරටත් නීතීඥ වෘත්තීය වැනි ගෞරවනීය වෘත්තීයක නියැලීමට ඔහු සුදුසු නොවන බවත් එලෙස සිය වෘත්තීය අයුතු ලෙස භාවිතා කරමින් ඉහත ආකාරයෙන් ජනතාව ප‍්‍රකෝප කරවන පරිදි ප‍්‍රකාශ සිදු කිරීමට ඉඩ නොතැබිය යුතු බවද පෙත්සමේ සඳහන් වෙයි.
COMMENTS
මේක නම් හොඳ වැඩක්. කව්රු වුණත් ජාතිවාදය, ආගම්වාදය දඩමීමා කරගෙන රට ගිනි තියන්න හදනවා නම් ඔවුන්ට උපරිම දඬුවම් දිය යුතුය.
ජාතිවාදය අවුස්සලා නම හදාගන්නද මේ හදන්නේ...? හරියට නීති විභාගේ පාස් කළාවත්ද දන්නෑ...
ඔව්, එතකොට ක්‍රිස්තියානි පල්ලිවලට පහර දෙන එක හොඳයිද?
ඕනෑම කුහක පුද්ගලයකුට හෝ බුදුදහමට වෛර කරන්නෙකුට තමන් හරි වීරයෙක් නැත්නම් හරි සාධාරණ පුද්ගලයෙක් කියල පෙන්වන්න ලේසිම වැඩේ බුද්ධාගමට, විවේචනය කිරීමත් සංඝයා වහන්සේලාට අවමාන කිරීමත්ය... ඒ මක්නිසාදයත් බුදුදහම මුලධර්මවාදී නොවන නිසාත් අන් මත ඉවසීම බුදු දහමට ආවේණික උත්තුංග ගුණාංගයක් නිසාත්ය. බුදුදහමට අවමාන කරන සෑම පුද්ගලයෙක්ම නිරුපද්‍රිතව ජීවත් වන්නේත් එම නිර්මල ගුණාංගය නිසාය.
හිරිකිතයක් නෙතිව මුදල් වෙනුවෙන් ලක්මව අපකීර්තියට පත් කරන මෙම නරුම යන්ට උපරිම දඬුවන් දිය උතුඉ
ලෝකේ වැඩියෙන් දැන් තියෙන්නේ ආගම් අතර ගැටුම් නොවේ. බහුතරයක් එකම ආගමේ නිකායන් අතර ගැටුම්... උදාහරණ ලෙස මැදපෙරදිග ශියා - සුන්නි මුස්ලිම් නිකායන්, අයර්ලන්තයේ කතෝලික - ප්‍රොතෙස්තන්ත නිකායන්, බුරුම - තායිලන්ත බෞද්ධ නිකායන්, ඉන්දියාවේ විවිධ හින්දු නිකායන්.... ඒ වගේම, සුළුතර නිකායන්ට එරෙහි ලොකු වෛරයක් බහුතර නිකායන්ට ඇත. එවැන්ජලික, බැප්ටිස්, මෝර්මන් සහ බොහෝ නව යුග නිකායන්ට එරෙහිව කතෝලිකයන්ගෙන් ලොකු මර්ධනයක් ලංකාවෙත් එල්ල වේ. එවැනිම දෙයක්, විශේෂයෙන් නැගෙනහිර මුස්ලිම්වරුන් අතරත් සිදුවේ. මහමෙව්නාව අසපුවට බහුතර බෞද්ධ නිකායන්ගෙන් ඇති විරුද්ධත්වයත් එසේමයි...
එක් පල්ලියක් නෙවෙයි... ඉතිහාසේ බොහෝ විනාශ කළ පල්ලි තිබෙනවා. අන්තර්ජාලයෙන් මේ ගැන සොයාබලා තහවුරු තරගන්න.
එම නීතීඥවරයා සාවද්‍ය ප‍්‍රකාශයක් කර නැත, අන්තර්ජාලය බැලුවොත් මේ සියල්ලේ සත්‍ය කාටත් දැනගත හැක.