IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


නාගානන්ද රජයට එරෙහිව අධිකරණයට යයි

(තිලිණි ද සිල්වා සහ රන්ජන් කටුගම්පොළ) 
 
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට අපොහොසත් වීම තුළින් රජය මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට තීන්දු කරන ලෙසත් , මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි ගෙවන ලෙස ජනාධිපති , අගමැති , හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු  වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා  අද( 29)  ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
 
 නීතිඥවරයෙකුව සිටියදී වසර තුනක තහනමකට ලක්ව සිටින  හා පරම මහජන අයිතිය රැකීමේ කියාකාරියෙකු වන  නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත.
 
 එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පොලිස්පති පූජිත ජයසුන්දර, නීතිපතිවරයා සහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු දස දෙනෙකු නම්කර තිබේ.
 පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත්දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ විසින් කලින්ම රජයට තොරතුරු වාර්තා කර තිබූ බවයි.

 එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් රජය දණ්ඩ නිති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බව නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.
 
 රජයේ මෙම ක්‍රියාකලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස  නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉල්ලා සිටියේය.
 
 වග උත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිදූවූ මනූෂ්‍ය ඝාතන හා තුවාල කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වග කිවයුතු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ පොලිස්පති  පූජිත ජයසුන්දර යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන්  පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙස සැබෑ ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.



අදහස් (15)

නාගානන්ද රජයට එරෙහිව අධිකරණයට යයි

lanka Monday, 29 April 2019 10:03 AM

මෙන්න මේක තමයි යහපාලනය කියන්නෙ..අවුරුදු 30 යුද්දෙ කොච්චර බෝම්බ පිපිරුණද? මිනිස්සු කොච්චර මැරුණද? එකෙක් උසාවි ගියාද? අන්න ඒකයි වෙනස පින්වතුනි. අපි ලැබිය යුත්තේ ඒ නිදහසයි. මොන දේශප්‍රේමියා ආවත් වැඩක් නැහැ නිදහසක් නැතුව .....

:       1505       1621

indikaMonday, 29 April 2019 10:40 AM

මොලේ පරික්ෂා කරගන්න. ගිය සතියේ හිටියේ මේ ලෝකේ නෙවෙයිද? දැන් නම් පුදුම නිදහසක් තියෙන්නේ (අපිට නෙවේ ත්‍රස්තවාදීන්ට !!!)

:       822       653

lankaMonday, 29 April 2019 12:58 PM

ඇයි ඒ කාලේ ජනපති පේමේ කොටින්ට ආයුධ දුන්නු එකට නඩු දාන්න තිබ්බනේ? ඒ ආයුධ වලින්ම නේද රිටර්න් එක දුන්නා කියන්නේ? ඒකත් මේ වගේ කේස් එකක් නේද? මම නාගා කරන මේ දේ අගය කරනවා. ඒත් ඒ දේ කරන්න අද දිනේ නිදහසක් තියෙනවා නේද? ආණ්ඩු කීයක් ඒවගේ ඇන්දිලා අන්තිමට මිනිස්සුන්ට මැරෙන්න වුණාද?

:       0       77

NamalMonday, 29 April 2019 10:58 AM

නිදහස කියන්නේ හලෝ නඩු කීමේ නිදහසටම විතරක් නොවේ , පළමුව මරණ බියෙන් තොරව ජීවත්වීමේ නිදහසයි

:       411       497

RangaMonday, 29 April 2019 11:52 AM

ඩිස්ලයික් දාලා තියෙන කට්ටිය... මරණ බයෙන් නිදහස් වීම නෙවෙයිද මුලින්ම කෙරෙන්න ඕනෑ දේ?

:       62       89

hema Monday, 29 April 2019 10:04 AM

විය යුත්තේ සැබවින්ම මෙයයි. පවතින රජය යටතේ මෙවැනි දේ සිදුවීම උගහටය. සියල්ලටම පෙර මේ පවතින ක්‍රමය වෙනස් කිරීමට පෙළ ගැසෙමු..

:       24       391

kamal Monday, 29 April 2019 10:13 AM

"නාගානන්ද රජයට එරෙහිව අධිකරණයට යයි" අධිකරණය රජයෙන් විමසා තීරණය දෙයි.

:       8       381

ජයන්ත මිලානෝ Monday, 29 April 2019 10:16 AM

මහජනතාව ගැන හිතන රටේ එක් පුරවැසියෙක් හෝ සිටීම සතුටට කරුණක්...

:       39       523

jayath Monday, 29 April 2019 10:55 AM

බැලූ බැල්මට හොඳ වැඩක් නමුත් අපි අමතක නොකළ යුතුයි නඩු සහ බඩු යන දෙකම හාමුදුරුවන්ගේ විත්තිය ... බෝම්බෙකින් මැරිලා ගියේ නැත්නම් බලමු නේද ?

:       3       185

rama Monday, 29 April 2019 10:59 AM

මේකත් ඉඩම් නඩුවක් වගේ වෙයිද?

:       0       236

Ariyathilaka Monday, 29 April 2019 11:00 AM

මනුෂ්‍යයා මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුය; මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය; සැමට බැරි වුවත් ඒ සදහා වූ විශේෂිත පුද්ගලයෝ ලොවෙහි ඒ ඒ කාලයන්හි ඒ ඒ රටවල පහල වෙත්. ඒ හේතුවෙන් මනුෂ්‍ය වර්ගයා සුරක්ෂිත වනවා පමණක් නොව මානව හිතවාදී සමාජය තව දුරටත් ඉදිරියට පැවත යාමට හේතු වනවා ඇත.

:       2       130

නිමල් Monday, 29 April 2019 11:11 AM

කොන්දක් ඇති ක්‍රියාවෙන් පෙන්වන එකම මිනිසා. 1. දැනගෙන සගවා ගෙන සිටීම 2. සුළුවෙන් සිතිම සහ ක්‍රියා නොකිරීම 3. අනෙකට බැනීම සහ අනෙක පිට වරද පැටවීම 4. මීලග ඡන්දයට ලකුණු එකතු කිරීම

:       0       1

ලක්ෂ්මන් Monday, 29 April 2019 12:22 PM

මට තියෙන ගැටඵව විධායක ජනාධිපති වග උත්තර කරුවෙක් කරලා නඩුවක් ගොනු කරන්න පුළුවන්ද?

:       0       1

Sameera gamage Monday, 29 April 2019 12:59 PM

පගාගහලා සිරගතවූ අයෙකු කියන බොරුනේ...

:       97       28

ආනන්ද Monday, 29 April 2019 03:45 PM

මට තියෙන ගැටලුව මේ වන්දි ඉල්ලීමෙන් ආයෙම බද්දක් වැටෙයිද කියලා එතකොට ඒකත් අපට

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site