(ඉන්දික අරුණ කුමාර)
පවතින නියං තත්ත්වයත් සමග ජලය සොයා පැමිණෙන වන සතුන් දඩයම් කිරීම වැළැක්වීම සඳහා විශේෂ මෙහෙයුමක් සඳුදා (10) ආරම්භ කළ බව ඇලහැර වන ජීවි කාර්යාලය කියයි.
නියං සමයේ දී නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප‍්‍රදේශ රැසක සිදුවන මෙම වන සතුන් දඩයම හා වනාන්තර ගිනිතැබීම අවම කිරීම වැඩසටහනේ අරමුණ බව ඇලහැර වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක රංජිත් කේ විජිත මහතා පවසයි.
විශේෂයෙන් පුහුණු කරන ලද නිලධාරින් නිරන්තර මුර සංචාරය කරමින් හා මහජනයා ලබාදෙන තොරතුරු අනුව ක්ෂනිකව ක‍්‍රියාත්මක වෙමින් සතුන් දඩයම් කරන්නන් නීතියේ රැහැනට හසුකරගන්නා බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.
වන සතුන් නිරන්තරයෙන් ගැවසෙන මහකුමාරගල කන්ද, මොරගහකන්ද ජලාශයේ ජලයට යටවු ප‍්‍රදේශ ආසන්නයේ පිහිටි ගල්බොඩ,ගල්පෝරුගොල්ල,කඹරව සහ අඹන ආදී ප‍්‍රදේශ සඳහා මෙම මෙහෙයුමේ දි විශේෂ අවධානයක් යොමු කරන බව ද විජිත මහතා කියයි.

COMMENTS
නව නීති ක‍්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.