(සනත් ගමගේ)
තංගල්ල ආසනයට ධීවර ඇමැතිධූර තුනක් තිබීම ගැටළුවක් වි ඇත්නම් ධීවර කැබිනට් ඇමැතිධූරයේ වෙනසක් කිරීමට තමා කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
“ධිවර කැබිනට් ඇමැති ධූරය මහින්ද අමරවීර මහතාටත්, එහි රාජ්‍ය ඇමැති ධූරය දිලිප් වෙද ආරච්චි මහතාටත්, දකුණු පළාත් ධීවර ඇමැති ධූරය එච් .ඩබ්. ගුණසේන මහතාටත් හිමිව තිබෙන බව මම අද දැනගත්තා. මේ තුන් දෙනාම තංගල්ල ආසනයේ ම නියෝජනය කරන හෙයින් ධිවර කැබිනට් ධූරයේ වෙනසක් කරන්න සුදුසුයි කියා මා කල්පනා කරනවා. “යැයි ජනපතිවරයා කියයි.
ඒ නිසා රටට වැඩක් කළ හැකි, විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනයට උපරිම සේවයක් ඉටු කළහැකි, අමාත්‍යංශයක් අමරවීර මහතාට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාගම් රුහුණුපුර ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද(16) පැවැති උත්සවයකදී ය.
COMMENTS
එකෙත් හැටි ..රටේ ජනාධිපති මේ ගැන දන්නෙත් අද..රටේ මිනිස්සු ජීවත් වෙනවද කියලවත් දන්නවද දන්නේ නෑ..
මහ නුවර හෝ නුවර එලියෙ කෙනෙක් දැම්ම නං හරි
2020 වෙනකම් බලාගෙන ඉන්න
මිස්ටර් කූල්ට අමාත්‍ය ධූරය තැතිවෙන හැඩයි
ජනපති තමන්ගේ අමාත්‍ය මණ්ඩලය ගැනවත් දැනුමක් නැහැ. බලයට ඇවිල්ලත් අවුරුදු දෙකක්...!!! ඉතින් අනිත් වැඩ ගැන කුමන කතාද......???? අපිටම ලැජ්ජයි.....!!!
අදලු දැනගත්තේ. ඇමතිවරු දෙන්නෙක්ම මහා ආණ්ඩුවේ. දිවිරුම් දුන්නේ තමුන්ටම නේද. තමන්ගේ ගාව රස්සාව කරන කට්ටියව නොදන්නා බොස්ගෙන් කොම්පැනියට ඇති වැඩේ මොකක්ද.
තංගල්ලට පමණක් නොවෙය් මුළු රටටම ඇමති ධුර වැඩි බව ජනාධිපතිවරයා දැනගන්නේ කවදද ...?
ටොප් එක රටේ වෙන දේවල් දන්නැති වෙනකොට රටට යන කල ගැන කවර කතාද?