ක්‍රිකට් ක්‍රිඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග හයක් තහනම් කර තිබේ .
විනය නීතී උල්ලංඝණය කිරීමේ චෝදනාව නිසා මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
(36698)
ක්‍රිකට් ක්‍රිඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග හයක් තහනම් කර තිබේ .
විනය නීතී උල්ලංඝණය කිරීමේ චෝදනාව නිසා මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩල්ලාව මෙට්ටයේ තියන්න බැහැලු. ඉක්මන් ප්‍රසිද්ධිය සල්ලි , දෙවියන්ටත් උඩින් තියා ගත්තාම සමහරුන්ට වෙන දේවල් !
මේ දඬුවම වැරදියි. මෑන් ටීම් එකේ ප්ලේ කරන්න දෙන්නේ නැතුව ලේබර් වර්ක් විතරක් කරගන්නයි තිබුනේ.
මොනතරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුනත් විනයක් නැත්නම් ඒ දක්ෂකම් වලින් කිසිදු වටිනාකමක් නැත. මෙය අප සැවොම පිළිගත යුතු න්‍යායකි. අප පුද්ගලිකව විස්වාස කරන සීමිත කාලයකට තහනමක් නොව සදහටම නෙරපිය යුතු යන්නය.
තරුණ දරුවන්ට දෙන නරක ආදර්ශයක් මේක...........ලංකාවේ ඕන දහදුරාවෙකුට පුළුවන් ඕන දෙයක් කරලා බේරෙන්න.......... ඕකව අායෙත් ගෙනල්ල වීරයක් කරලා මොනවද තරුණ දරුවන්ට දෙන ආදර්ශය..........
ඉතාම හොඳ තීරණයක්. මිට වඩා දැඩි දඬුවමක් දෙන්න තිබ්බේ. ක්‍රීඩාවේ ජීව ගුණය තියෙන්නේ විනය මතයි.
තිත්ත වුනත බහුතරයක් තරුණ ක්‍රීඩකයන්ගේ තත්වය මේක තමයි. රෑට කොළඹ සමාජ ශාලා වලට ගියානම් මේ අය එළි වෙනකම් බීගෙන කරන වැඩ බලාගන්න තිබ්බා. හෙට තරගයක් තිබ්බත් අද බීලා තමයි සෙල්ලම් කරන්නේ. මේ දඬුවම ඇත්තටම හොඳටම මදි.
ලංකාවේ නමත් කැතකරන මේ වගේ ක්‍රීඩකයින්ව සදහටම ක්‍රීඩාවෙන් තහනම් කළ යුතුමය...
ගිය පාර ලැබුණු දඬුවම් 6 ක්‍රීඩා සමාජයෙන් ඇපීල් කරලා 3 බැස්සුවා කියලා මතකයි. ඒ නිසා මෙයා කිසිම ගානක් නැතුව ආයිමත් රටේ නම කෑවා. කාඩ් එක හොඳ නැති මෙහෙම කෙනෙක්ව හදන්න හෝ එලවන්න වෙන ක්‍රමයක් නැද්ද?
මේ දඬුවම කොහෙත්ම මදි. අඩු ගානේ ඉස්සරහට එන තරුණ ක්‍රීඩකයන්ටත් පාඩමක් වෙන්න විදේශ කණ්ඩායම් සමග තරග අවුරුදු දෙකතුනක් වත් තහනම් කරන්න ඕනෑ. දිගටම තරග පැරදෙන්න හේතුව පුහුණුකරුගේ වැරැද්ද කියලා විතරක් හිතන්න එපා. නියපොත්තෙන් කපන්න පුළුවන් වෙලාවේ නොකර පොරවටත් මෙල්ල නොවුණු හාදයෙක් ගුවන් යානාවේ දොර හීනෙන් අරින්න ගියා මතකයිනේ...
මෙයාව වෙලාවට අහුවුණා. අනිත් අයත් ඔය වැඩේම කරනවා අහුවෙන්නේ නැතුව දඬුවම වැරදියි. ඔහුගේ දක්ෂ කමින් අපි ප්‍රයෝජන ගන්න ඕනෑ. දැන් විනයක් ඇතුව වැඩ කරන්නේ කවුද? හිටපු මහා අයගේ වතගොත කියන්න ගියානම්...
මේවා දරිද්‍රතාවයේ අඩියේ ගිලී ඉන්න රටකට වැදගත් දේවල්ද?