(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙඩි තබා මරා දැමුණු දළ පූට්ටුවාගේ දළ වලින් සැකසු බවට සැකකරන පෙන්ඩන් දෙකක් සමඟ සුරයක් සන්තකයේ තබා ගෙන සිටි ග්‍රාම නිළධාරිවරු දෙදෙනෙක් නිකවැරටිය කොඨඨාස බුද්ධි එකකයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබුහ.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අංක 338 දොරවෙල්ල සහ අංක 394 මකුල්පොත ග්‍රාම නිළධාරි වසම්වල සේවය නියුතු ග්‍රාම නිලධරයන් බව කොට්ඨාස බුද්ධි නිළධාරින් පවසයි.
දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධව සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර කර ඇති බව කියයි.
කෙසේ නමුත් දැනට සිදු කරන පරික්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ මෙම දළ පූට්ටුවාට අමතර තවත් ඇතුන් මරා දමා දළ ලබා ගැනීමට ප්‍රධාන සැකකරු සම්බන්ධ වි ඇති බවට තොරතුරු ලැබී තිබේ.
COMMENTS
මට හිතෙන හැටියට මේ ඇතුන් මරා දළ ගැනීම පොඩි මිනිස්සුන්ට කළ නොහැකිය. පොඩි පොඩි කෑලි සමහර වෙලාවට පොඩි මිනිස්සු ලඟ, වෙඩික්කරුවෝ ලඟ තියෙන්න පුලුවන්. මහ මොලකරුවෝ හා සත්‍යලෙසම ඇතුන් මැරීමට අණ දීපු අය අහුවෙන එකක් නැහැ. අනෙක ලංකාවේ පොලීසිය ගැන දන්නවනේ. ඒ අය කාවහරි අල්ලගෙන ඇතා මැරුවේ මම කියලා ඒ මිනිහට කියල කියවනවා. එතකොට පරීක්ෂණ ඉවරයි. ඇතා මරපු අයට දඬුවම් දුන්නා කියලා පොලිසියේ රාජකාරිය අහවර වෙනවා. මේ පරීක්ෂණයට එහෙම නොවේවා !!! නියම ඇත් මරුවෝම අහුවේවා කියලා මම පතමි..
උපරිම දඬුවම් ලබාදෙන්න.. නැතිනම් වනේ සතුන් ඉවරයි.
ඇත්දළ, ගජමුතු ළඟ තබාගත්විට වාසනාව ගෙනෙනවාය යන ආකල්පය නැතිවන තෙක්ම මෙම අත්අඩංගුවට ගැනීම් සහ මෙහෙයුම් සිදුකරන්න.
අහිංසක සතෙක්, රටට වටිනා මිල කල නොහැකි සම්පතක් නිරපරාදේ මරාදාලා උගේ දල බෙල්ලේ එල්ලගෙන හිටි පලියට ලැබෙන සෙත මොකක්ද කියලා මේ මිනිස්සුන්ට හිතන්න බැරි හැටි. අනේ මෙහෙමත් ගෝත්‍රික ජනතාවක් !
අලි මරලා බඩගින්න නිවාගන්න ජාතිය, මහ ජාතිය...
සැකකරුවන් බේරා ගන්න දේශපාලන මාර්ගයෙන් පොල්පිතිගම පැත්තේ හාමුදුරු කෙනෙකුත් උත්සහ කරනවා කියලා ආරංචියි. කුඹුක්වැව පැත්තේ පන්සලක් පාලු කරලා ඊට පස්සේ උසස්වීමක් ලැබිලා ඔය පැත්තට වැඩම කරපු එක හාමුදුරු කෙනෙක් නම් කාලෙකට ඉස්සෙල්ලා සුනාමි ආධාර ලොරියක් පිටින් විකුණගන්න ගිහින් රිමාන්ඩ් එකෙත් ඉඳල මොකද්දෝ `දහම් ගැටයක්` ගහල නිදහස් වුණා අපට මතකයි. මේත් සමහර විට උන්නාසේමද දන්නෙත් නැහැ!
අඩු ගානේ ගරු කිරීමක් තියෙනවා නම් එ්ක ගැන හිතලා හරි මේ අසමත්ජාති වැඩේ කලවුන්ට උපරිම දඬුවම් ආණ්ඩුව දිය යුතුය.
ක්‍රි පු 2 වන සියවසේ ඉදිකළ රත්නමාලි චෛත්‍යයේ පවුර ඇතුන්ගේ රුව යොදමින් අලංකාර කරනු ලැබුයේ ඇතා ආකර්ෂණීය සතෙක් වන නිසාම නොවේ. මුළු අනුරාධපුර බෞද්ධ ශිෂ්ඨාචාරය ගොඩ නැංවීමට කායික ශක්තියෙන් අතිමහත් දායකත්වයක් දුන් සද්දන්ත ජීවියෙක් වීම නිසාත් විජිත පුර සටනේ එක් තීරණාත්මක සාධකයක් වූ කඩොල් ඇතා ද හෙළ ඉතිහාසයට එකතු වීමත් නිසයි. අද අප එදා තිබුන ආධ්‍යාත්මික බවින් කොතරම් ප්‍රමාණයක් ඈත්වීද යන්න මෙවැනි හිත් පිත් නැති කෘර ක්‍රියාවලින් මනාව පෙන්නුම් කරනවා. ජරාජීර්ණ දේශපාලනය විසින් හෙළයාට උරුම කර ඇති නීතියේ ආධිපත්‍යයට සෘජුව අභියෝග කිරීමේ ප්‍රවණතාවය අවසානය විය හැක්කේ ඇතුන්ගේ පමණක් නොව හෙළයාගේත් පැවැත්මයි.
වහාම මරණීය දණ්ඩනය පැමිණ වීමට අවශ්‍ය නීති සම්පාදනය කරන්න. මොවුන්ට ප්‍රසිද්ධියේ ගල් ගසා මරණයට පත්කළ යුතුයි.
සාපම වේවා හැම කෙනෙකුටම. වරද පිළිගත්ත අය බේරා ගැනීමට හෝ සහන සලසාදීමට ඉදිරිපත් වෙන අයටද සැපක්ම වේවා !!!
මරණ දඬුවම දිය යුතුයි!!!!!!!
ඕකට සම්බන්ධ සිවුරු ධාරියෙක් සහ යහ පාලන දේශපාලුවෙක් ඉන්නවා. කාගේදෝ පිහිටෙන් ඇත අඩංගුවට පත් නොවී. පොලිස්පති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි. ඔබ තුමාත් අඳුරේ අත-පත ගාමවා නම් නීතියට දෙවියන්ගේම පිහිටයි.
නීති වෙනස් කරලා හරි, මේ සැවොටම මරණ දඩුවම දිය යුතුයි.....එහෙම උනොත්, අදාළ චුදිතයා කවදාවත් වෙන කෙනෙක් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ
මේ දළවලින් පෙන්ඩන්ට් හදන්න කියලා නැහැ. කොහොම වුණත් නිවැරදිව අපරාධකරුවන් සොයාගත යුතුයි. මරපු මිනිසුන්ට වඩා මැරෙන්න අවස්ථාව හදා දීපු නිලධාරීන්ගේ දඬුවම්කිරීම උචිතයි.