උපාලි ආනන්ද
වෙඩි තබා ඝාතනය කෙරුණු ගල්ගමුව දළ පුට්ටුවාගේ ඇත්දළ යුගළයේ හා ශරීර කොටස් එකිනෙක සැසදෙන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (10) අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම නඩුව මහව මහෙස්ත්‍රාත් ශෂික මල්ලවාරච්චි මහතා ඉදිරියේ අද (10) විභාගයට ගැණිනි.
පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ වෙඩි තබා ඝාතනය කෙරුණු දළ පුට්ටුවාගේ ඇත්දළ හා ශරීර යුගළයේ කොටස් ඩීඑන්ඒ පරීක්ෂණයේ දී එක හා සැසදුණ බවයි.
මේ අතර මෙම ඇත්දළ යොදාගෙන සැකසු බවට සැකකරන විවිධි මාල, මුදු සම්බන්ධයෙන් මෙතෙක් ඩීඑන්ඒ වාර්තා ලැබී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
නඩුව යළි දෙසැම්බර් මස 5 වැනි දා කැදවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd