IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


දිස්ත්‍රික්ක 18 ක තවමත් නියඟය

(විනීතා එම් ගමගේ)


දිස්ත‍්‍රික් 18 ක පවුල් 266,177 කට අයත්  පුද්ගලයින් 964240 ක් තවමත් නියඟය නිසා පීඩා විඳින බව ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප‍්‍රකාශ කළේය. 


මෙම පීඩාවට පත් පවුල් අතරින් පවුල් 208496 කට අඛණඩව පානීය ජලය සපයමින් සිටින බව ද අමාත්‍යවරයා කීය.   

                                                                                                     

 ඔවුන්ට සහනාධාර දීම අද (20) මහ විලච්චියෙන් ආරම්භ කරන බවත් දිස්ත‍්‍රික් දහ අටෙහිම නියෙඟන් පීඩාවට පත් පවුල්වලට රුපියල් පන්දහස බැගින් වූ වියලි සලාක ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


ඒ සඳහා රජය රුපියල් කෝටි 70  ක් වෙන් කොට ඇති බව ආපදා කළමණාකරන අමාත්‍යංශයේ අද (19) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍ය දුමින්ද දිසානායක  මහතා ප‍්‍රකාශ කළේය.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද  කීය. 


‘‘2017 සිට  නියඟයේන පීඩාවට පත් ජනතාවට සහනාධාර ලබා දීමට අප කටයුතු කළා. රුපියල් මිලියන 5230ක් පවුල් පන් ලක්ෂ විසි තුන්දාහක් වෙනුවෙන් අපි වියදම් කරල තියෙනවා. මේ වනවිට සහනාධාර  ලබා දෙන්න පමණක් මිලියන 12434 ක් වියදම් කරල තිබෙනවා. පානීය ජලය ලබාදෙන්න අපි රුපියල් මිලියන 185 ක් පමණ වියදම් කරල තිබෙනවා. ඒ වගේම පානීය ජලය ලබා දීමට ජල ටැංකි 11000 ක් අරන් දීල තිබෙනවා. මේ සඳහා මිිලියන 91 ක් වැය වෙලා තිබෙනවා. 


මේ අනුව සහනාධාර සියල්ලට රුපියල් මිලියන 13599 ක් වැය කර තිබෙනවා. අපි විශ්වාස කරනවා ඉතිහාසයේ පැවැති රජයන්ගෙන් නියඟය වෙන්කෙළා ඒත් මේ වගේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් වුනේ නැහැ. කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර යලි සහනාධාර දෙන්න කටයුතු කළා.අපි හැම විටම උත්සාහ කරන්නේ ජනතාව වෙනුවෙන් කළහැකි උපරිමය කරන්නයි.


මේ අමාත්‍යංශයෙන් ඉතිහාසයේ සිද්ධ වුණේම ගංවතුරක් ආවාම ආධාර බෙදා දෙන එකයි. නමුත් අපට නියඟයත් ආපදාවක් බව පෙනෙනවා. ගංවතුරක් ආවාම ඒක බැහැල ගියාම ප‍්‍රශ්නය ඉවරයි. නියඟ ඒ වගේ නැහැ. ඒ වගේම නාය යාමේ අවදානම සහිත කඳු ඇති පළාත්වල එවැනි අවදානම් සහිත ස්ථාන සොයා ගෙන ඒවායේ සිටි සියලූ දෙනා නව නිවසා හදා එහි පදිංචි කරන්න අපි සුදානම්. ඉතා අවදානම් ප‍්‍රදේශ වෙනුවෙන් ඒ. ඉඩම් වෙනුවෙන් ලක්ෂ හතරකුත් නිවසක් හදන්න රුපියල් ලක්ෂ 12 ක් බැගින් ද වෙන් කර තිබෙනවා. 

මේ වනවිට මෙවැනි නිවාස 500 ක් ඉදිකර අවසන්. මෙහිදී අපි අවදානම් කලාප නම් කරල තිබුණත් මේ අයට තවම ඉඩම් හොයා ගන්න බැරිවෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ නිවාස 10000 ක් හදන්න පෙරසවි නිවාස. කැබිනට් පත‍්‍රිකාවට ඊයේ අනුමැතිය ලැබුනා. ’’ යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය. 
                

 



අදහස් (0)

දිස්ත්‍රික්ක 18 ක තවමත් නියඟය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 149 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 227 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1089 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site