( තිළිණි ද සිල්වා )
නීති ක්ෂේත්‍රයේ සහ පොලිස් නිලධාරීන් විසින් කළ බව කියන දුෂණ වංචා ගැන කතාකළ නීතිඥ සුගන්දිකා ප්‍රනාන්දු මහත්මියට එම කරුණු සනාථ කිරීමට ඇති සාක්ෂි සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙතට ඉදිරිපත් කරන්නැයි දන්වා ලිපියක් යවා ඇතැයි එම සංගමයේ සභාපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා අද (01) ශ්‍රී ලංකා නීතීඥ සංගම් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.
නීති ක්ෂේත්‍රෙයේ සිදුවනවා යැයි කියන අකටයුතුකම් සම්බන්ධයෙන් ඇය විසින් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධ කළ කරුණු කිසිවක් මෙතෙක් නීතිඥ සංගමයට දැනුම්දී හෝ පැමිණිලි කර නොමැති බවද ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති එහිදී වැඩිදුරටත් කීය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස තම අත්සනින් යුතුව ඉකුත් 26 වැනිදා මෙම ලිපිය යොමුකළ බවත් එමගින් දැන්වූ පරිදි අදාළ සාක්ෂි ලැබීමෙන් පසුව ඒ පිළිබඳ සොයාබලන බවත් ඒ අනුව යම් පුද්ගලයකු වැරදිකරුවකු වේ නම් තරාතිරම නොබලා කටයුතු කරන බවත් නීතිඥ සංගමය එම ලිපියෙන් ඇයට දන්වා යැවූ බවද නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසීය.
‘‘ මේ කිසිම ක්ෂේත්‍රයක් සර්ව සාධාරණයි කියලා අපි කියන්නේ නැහැ. සියලුදෙනාවම එක කැද හැලියකට දාලා සම්පුර්ණයෙන් විචේචනය කිරීම නිතියේ ආදිපත්‍ය කඩාවැටීමට නීතියේ පාලනය කඩාවැටීමට හේතුවෙනවා.
අපි ඉන්නේ ඒක කරන්න නොවෙයි. මේ ප්‍රශ්න වලට විසදුම් හොයන්නයි අපි කැපවෙලා ඉන්නේ. නීති ක්ෂේත්‍රයේ ඇතැම් බරපතල ගැටලු තිබෙන අවස්ථා තිබෙනවා. නමුත් ඒ අතර අති විශාල බහුතරයක් ඉතාමත්ම කැපවීමෙන් කටයුතු කරන පිරිසක් සිටිනවා.
මේ නිසා අවංකව සේවයකරන අයට අසාධාරණයක් කරනන් අපි සුදානම් නැහැ. අප සංගමය වෘත්තීය ආචාර ධර්ම උපරිමයෙන් රැකීම වෙනුවෙන් වගකීමකින් යුතුව කටයුතු කරන සංවිධානයක්.නීතීඥ සුගන්ධිකා මාරවිල අධිකරණයේදී හැසිරුණු ආකාරයක් සම්බන්ධයෙන් අප සංගමයටත් යම් කරුණු වාර්තා වී තිබෙනවා.
එදා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණය විවේචනය කළාම ගත් පියවර ගැනීමට කටයුතු කළ අපි නාගානන්ද කොඩිතුවක්කු සහ සුගන්ධිකා ප්‍රනාන්දු යන යම් කිසි විනය විරෝධී ක්‍රියාවක් සිද කර ඇත්නම් ක්‍රමවේදයකට අනුව ඔවුන්ට එරෙහිව අපි කටයුතු කරනවා.
මේ නිසා අපි සුගන්ධිකා මහත්මියට අපි සංගමය ලිඛිතව දැනුම්දුන්නා නීති ක්ෂේත්‍රය තුළ සිදුවෙනවා යැයි කියන අකටයුතුකම් පිළිබඳ සාක්ෂි දින 14 ක් ඇතුළත ලබාදෙන්න කියලා. එහිදී යම් කිසි කරුණක් මතුඋනොත් අපි එය අධිකරණසේවා කොමිෂන් සභාවට ඉදිරිපත්කරලා මැදිහත්වෙලා කටයුතු කරන්නම්.
නීතිඥවරුන්ට විරුද්ධ කරුණු තියෙනවානම් ඒවා අපි හොයාබලන්නටත් කටයුතු කරන බව එම ලිපියේ සදහන්කර යැව්වා යැයි නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ අලි සබ්රි මහතා මෙසේ කීය.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සමග නීතිඥ සංගමයේ සභාපති යු .ආර් ද සිල්වා මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට සහභාගී වන බව කොඩිතුවක්කු මහතා සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධ කර තිබෙනවා.නමුත් එවැන්නක් සිදු වන්නේ නැහ.විශේෂයෙන්ම අපි සංගමයක් ලෙස පෞද්ගලික න්‍යාය පත්‍රයක් හෝ පෞද්ගලික මතිමතාන්තර ඉදිරිපත්කිරීම කරන්නේ නැහැ. නීතීඥ සංගමය තුළ අද වනවිට 19792 ක් සමාජිකයෝ ලෙස කටයුතු කරනවා.
මේ නීතිඥ සංගමය මෙහෙයවීම සඳහා නීතීඥ සංගමයේ ශාඛා 83 ක් තිබෙනවා. ඒඅතරික් 800 න් සමන්තිව විධායක මඩුල්ලක් තිබෙනවා. ඒවිධායක මඩුල්ල මාසිකව රුස්වෙනවා. ඒ හැරුණාම සභාපති ලේකම් ඇතුළු වෙනම විධායක සභාවක් තිබෙනවා. මේ සියල්ල එකතුවෙලා තමයි අපී තීන්දු තීරණ ගන්නේ.
ඒනිසා නීතිඥ සංගමයේ සභාපතිතුමා කිසිවෙකු සමග විවාදයට නොයා යුතුයි කියලා අපි සංගමක් විදිහට තීරණයක් ගත්තා යැයි ද අලි සබ්රි මහතා කීය.
ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක


COMMENTS
නීතිඥ සංගමය ගැන දන්නෝ දනිති. රට තුල පවතින ව්‍යාධි සඳහා පිලියම් යෙදීමේදී විවෙචකයා ගස් බැඳීම් කරන්නේ ඒකාධිපති රාජ්‍යන් ගේය. ඇයට අත නොතබනු.!
අසරණ ජනතාවගේ නඩු අවුරුදු ගණන් අදිමින් පරක්කු කලාට, මේකට සති දෙකයි? ලොකු හදිස්සියක්? යුක්ති ගරුක පුරවැසියන් සුගන්ධිකා මහත්මියගේ ඒ ප්‍රකාශය එක හෙලාම අනුමත කරනවා.
සියලු රටවැසියන් ඔවූන්ගේ නමින්. විදෙශ්ගත ගිණුම් සහ ලංකාවේ ඇති දේපල හම්බ කරගත් ආකාරය කියන්න.
අපි මෙතුමිය සාක්ෂි සහිතව ඉදිරිපත් කල කරුණු කාරණා සියල්ල දුටිමි...
සියලු දෙනාම වැරදි කරන්නේ නෑ. වැරදි නොකරන අයට නම් කියන කොට තද වෙන්න හේතුවකුත් නෑ.
මේවා අතිතයේ සිදුවු හා සිදුකල දේවල් දැන් ඒවා සනාත කරන්න සාක්ෂි ඉල්ලනවා. එහෙම සාක්ෂි දෙන්න තිබුණා බාහිර සමාජයට මේවා විවෘතව කලානම් රහසින් හා සංවිධානාත්මක කල මේ වංචාවන් හා දූෂණයන් ගැන සාක්ෂි ඉල්ලන්නේ දැනුවත්වම හා සාහාසික අදහසින් බව පැහැදිලිය.
ලංකාවේ නීතියට අබ සරණයි. සුගන්ධිකා මෙනවිය පැවසු ගොඩක් දේ ඇත්තයි.
දුෂණ වංචා සනාථ කරන්න නීතීඥ සුගන්දිකාට සති දෙකක කාලයක් ගෙන්න ඉස්සර වෙලා ඔය කවුරු කවුරුත් කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල තමන්ගෙන්ම අහගන්න කට්ටිය නීතිය කරවන විදියේ අවුලක් නැද්ද කියලා.?
මෙන්න හඳුනා ගන්න දොස්තර සංගමයෙ නිවුන් සොහොයුරා
නීතිඥයනව පුද්ගලිකව ආශ්‍රය කරන අය දන්නවා නීතිඥන්ගේ කෙරුවාව. මටත් සාදාරනය ඉටුවීම ගැන සාදාරන සැකයක් තිබෙනවා
දැන් මෙතන තොත්ත බබාලා වගෙයි මේ අය මෙතන කතා කරන්නේ, කඩා ගන්න ගානට රිසිට් පතක් ඉල්ලුවොත් එහෙම කුණු හරුප තමයි අහන්න වෙන්නේ? ලෝයර්ලා බොරුවට දෙපැත්තට බෙදිලා, දෙපැත්තම කොටවලා අසරණ මිනිස්සුන්ව නොමග යවමින්, නඩුව කල් දික්කර ගනිමින් මුදල් ගසා කෑම තමයි සිදු කරන්නේ. ඔතන තියෙන්නේ, මාෆියාවක් ඕකට අහු උන අයට ගැලවීමක් නැහැ.
සොයා බැලීම්වලින්,විමර්ශනවලින්,කොමිෂන් වලින් මෙතෙක් කිසිවෙකුට දඬුවම්කර නෑ.සමාජ මාධ්‍යවල පිහිට පතන්නේ ඒ නිසයි.
සුගන්ධිකා කිව්ව දේවල් සත්‍ය කියලා සමාජයම දන්නවා.
සැබවින්ම සුවඳවත් සුගන්දිකා මෙනවියට වෙන මොනවත් ඕන නෑ .... වික්ටර් අයිවන්ගේ නොනිමි අරගලය පොත අරගෙන ඉදිරිපත් කරන්න හොඳටම ඇති. ඕනනම් තමන්ම වැරදි කලබව පිළිගත්ත වීඩියෝ එක ඉදිරිපත් කරන්න. වෙන උදාහරණ ඕන නෑ.
මම මුකුත් ලියන්නේ නෑ. මේ ලියල තියෙන දේවල් හොදටම ඇති .බලන්න ශ්‍රී ලාංකික ජනතාවට නීතීඥ වරු රජයේ දොස්තර වරු කියන වචනේටත් කොච්චර අප්පිරියද කියලා.
පුලුවන්නම් පෙරකදෝරු සංගමය මෙතුමිය කියපු දේවල් බොරු කියල සති දෙකක ඇතුලත ඔප්පුකරන්න. පෙරකදෝරුවෝ කතා කරගෙන නඩු කල් දමමින් අසරණයෝ ගසා කන විදිහ මුළු රටම දන්නවා. මේ කරන වැරදි වැඩ කවුරු දන්නේ නැති වුනත් තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා එමනිසා මේ පෙරකදොරුවන්ගෙන් වැඩි හරියක් වයසට යනකොට මත්පැනට හෝ වෙනත් දුරාචාර වලට ඇබ්බැහි වෙනවා. වැඩි හරියක් මියන්නේ පිළිකා , දියවැඩිය , අධික රුධිර පීඩනය , අර්ශස් වැනි රෝග වැළදිලා දුක් විඳලා. මේ පෙරකදෝරුවෝ අතරේ සුගන්ධිකා මහත්මිය වැනි අවංක නිර්භීත කාන්තාවන් සහ මහත්මයන් ඉඳ හිට ඉන්නවා. ඔවුන්ට අර මම කලින් කියපු තියරි එක අදාල නැත
සැලෙන්න එපා සුගන්දිකා දුව.
මෙතුමිය කීව දේවල් සත්‍යය බව හැමෝම දන්නවා, පොලිසිය, උසාවිය, බන්ධනාගාරය මේ තුනම අසාධාරණයෙන් පිරිලා.
සුගන්ධිකාට සහයට රටම එක්විය යුතු කාලය ඇවිදින්...
ඔය සභාපති ප්‍රශ්න කරන්න ඕනේ... එතුමියගෙන් නොවේ වැරදි කලවුන්ගෙන් මේක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීතිය... එදා ප්‍රේමදාස ආණ්ඩුව කාලේ කුඩකාරයෝ ගැන සුනිල් මාධව සී.අයි.ඩී. එකෙන් ඔහුගේ ගෙදරට ප්‍රේමදාස යවනවා. එයාට කොහොමද ඒවා ආරංචි වුණේ කියලා අහන් එන්න. ඒ වගේ තමයි මේ සභාපති, එහෙම පිටින්ම නීතිය කන්න අපු කෙනෙක්... මෙයාගේ වැඩ සටහන් මා කීපවරක් බැලුවා. මෙයා මෙම තනතුරට කිසිසේත්ම සුදුසු නැහැ. කොහොම වුනත් අපි ඉන්නේ සුගන්ධිකා මැතිණිය සමග ඔබට ජය නියතයි. ජයවේවා ඔබ ඔහොම යන්න ඉදිරියටම... ඕන තරම් බාධක ඒවි..!!! ඔබ රටේ නායකත්වය දක්වාම ඔබට ඉදිරියට යන්න අවස්ථාවක් ඒවි එදාට අපි බලමු.
සුගන්ධිකා නිසා මේ ගොල්ලන්ට ගොඩක් රිදිලා වගේ.. ඇය තනි නොකරන්න..