IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දේශපාලන ආධාරකරුවකු ඝාතනය කළාට වසර 6ක් හිරේ

(රවින්ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ)
      
2010  ජනාධිපතිවරණ සමයේ සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවෙකු බව කියන පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධව කුරුණෑගල මහාධිකරණයේ පනවා තිබූ නඩුවක තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් පුද්ගලයින් 7 දෙනෙකුට වසර 6 බැගින් බරපතල වැඩ ඇතිව සිරදඬුවම් ලබා දෙන ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද  (30) නියෝග කළාය.
 
සිරදඬුවමට අමතරව එක් චූදිතයෙකුට රුපියල් දසදහස බැගින් දඩ මුදල් නියම කළ විනිසුරුවරිය දඩය නොගෙවන්නේනම් තවත් මාස 6 ක සිර දඬුවමක්ද මියගිය අයගේ බිරිඳට රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් ගෙවන ලෙසද චූදිතයින්ට නියම කර සිටියාය.
 
වන්දි මුදල නොගෙවන චූදිතයෙකු වෙතොත් තවත් මාස 6 ක සිරදඬුවම් ලබාදීමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
 
වර්ෂ 2010 ක් වූ ජනවාරි මස 17 වන දින හෝ ඊට ආසන්න දිනකදී වාරියපොල පොලිස් වසමේ අඹකඩවර ප‍්‍රදේශයේදී එච්.එම් ධම්මික හේරත් යන ඝාතනය කිරීමේ වරද සිදුකළ බවත් දක්වමින් මෙම පිරිසට එරෙහිව අධිචෝදනා 3 ක් යටතේ නීතිපතිවරයාගේ උපදෙස් මත නඩු පවරා තිබිණි.
 
මරණකරු සහ තවත් පිරිසක් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ පෝස්ටර් අලවමින් සිටියදී තවත් පාර්ශවයක් සමග ඇතිවූ ආරවුලකින් පසුව මෙම ඝාතනය සිදුවී ඇති බවට වාරියපොල පොලිසියට තොරතුරු ලැබී තිබිණ.



අදහස් (2)

දේශපාලන ආධාරකරුවකු ඝාතනය කළාට වසර 6ක් හිරේ

ස්නේහා Thursday, 30 May 2019 09:29 AM

මට ලංකාවෙ නීතිය ‌‌තේරෙන්නෙම නෑ. මිනීමැරීමට දඩුවම අවුරුදු 6 යි. අධිකරණයට අපහාස කිරීමට අවුරුදු 19 යි.

:       0       0

Hafeel Thursday, 30 May 2019 11:04 AM

ජනාධිපතිතුමා ෆොන්සේකා මහතා සමග තරහ නිසා මේ අයටත් පොදු සමාව දීලා නිදහස් කරාවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 866 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site