IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


දේශපාලනයේ කාන්තා නියෝජනය සීමා කරලා

(ඉන්දික අරුණ කුමාර)
පවතින දේශපාලන තත්ත්වය තුළ  කාන්තා නි‍‍යෝජනය පළාත් පාලන ආයතනවලට සීමා කර, අසරණ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.
 
එහි විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී  25% ක කාන්තා නියෝජනය අනිවාර් ය  සාධකයක් වූ නමුත් ඉදිරි  මහ මැතිවරණයට සහ පළාත් සභා මැතිවරණයට එලෙස කාන්තා කෝටාවක් ප්‍රකාශයට පත් කර නැති බවයි.
 
 මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය කියා සිටින්නේ මේ නිසා පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ කාන්තාවන්ගේ ඉදිරි දේශපාලන ගමන ගැටළුකාරී වී ඇති බවයි. වත්මන් පාර් ලිමේන්තුවේ සංයුතිය ගත හොත් ආසන 225ට ම කාන්තාවන් සිටින්නේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් බව පෙන්වා දෙන ඇය සඳහන් කරන්නේ මෙරට ප්‍රධාන ආර් ථික බලයේ ප්‍රමුඛතම සාධකය වන කාන්තාවට මෙරට දේශපාලනය සඳහා සම්බන්ධ වීමට ඇති අවස්ථාව හීන වී යාම බරපතල තත්වයක් බවයි.
 
 මේ නිසා මෙවර මහමැතිවරණයට නාම යෝජනා සැකසීමේදී එම නාම යෝජනා ලැයිස්තුවල යම් ප්‍රතිශතයක් කාන්තාවන් සඳහා වෙන් කිරීමේ සදාචාරාත්මක හැකියාවක් දේශපාලන පක්ෂ නායකයින්ට ඇති බව පෙන්වා දෙන ඇය සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ ඒ සඳහා වන උනන්දුවක් ප්‍රධාන දේශපාලන පක්ෂ වල දක්නට නොමැති බවයි.
 
වර්තමානනයේ මෙරට ආර් ථිකය සවිමත් කරන ප්‍රධානතම සාධකය කාන්තාව බව පෙන්වා දෙන ආරියවංශ මහත්මිය,  මෙරට වැඩිම විදේශ විනිමය උපයන අරාබි රටවල ගෘහ සේවයේ වැඩි වශයෙන් නිරත වන්නේ කාන්තාවන් වන අතර මෙරට තේ කර්මාන්තය රබර් කර් මාන්තය ඇඟලුම් කර් මාන්තය ආදී ඉහළ ආදායම් ලබා දෙන කර් මාන්ත සියල්ල කාන්තාවන්ගේ ශක්තියෙන් ගොඩ නැගී ඇති බව කියා සිටියි.
 
 
 
එමෙන්ම මෙරට ඡන්ද ඡන්දදායකයින්ගෙන් වැඩි ප්‍රතිශතය වන්නේ ද කාන්තාවන් බව පෙන්වා දෙන ඇය සඳහන් කරන්නේ   දශක ගණනාවක් තිස්සේ මෙරට කාන්තාවට හිමි තැන සමාජීය හා දේශපාලන බලවේග විසින් අහිමි කර ඇති බවයි.
 
ගෘහස්ථ හිංසනයට පත්වන කාන්තාවන් පිළිබඳව,පොදු ප්‍රවාහන ප්‍රවාහන සේවා වල දී අතවරයට පත්වන කාන්තාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවකාශයක් නො වීම බරපතළ තත්ත්වයක් බවද  සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කරයි. කාන්තාවන්ගේ ගැටලු නිවැරදිව  හඳුනා ගැනීමට එදා මෙදා තුර බලයට පත් වූ කිසිදු රජයක් සමත් ව නොමැති බව කණගාටුවෙන් වුව කිව යුතු බවත් බොහෝ රජයන් වල  කාන්තා කටයුතු අමාත්‍ය ධූර පවා පිරිනැමුණේ පුරුෂ පාර් ශවයට බවත් ඇය පෙන්වා දෙයි.
 
"ඇය දිරිමත් රට සවිමත් "යන තේමාව යටතේ  ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ දී  සත්‍ය වශයෙන්ම   ඇය දිරිමත් කිරීම සඳහා සමාජීය සංස්කෘතික හා දේශපාලන බලවේග විසින් ගෙන ඇති ක්‍රියා මාර් ග කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව කිව යුතු යැයි ද ආරියවංශ මහත්මිය පෙන්වා දෙයි.ඇය දිරිමත් වුව හොත් රට සවිමත් වන බව සැබෑවක් බවත්  ගැටලුව වී ඇත්තේ ඇය දිරිමත් කිරීමට නිසි වැඩ පිළිවෙලක් නොමැති වීම බවත් සුරංගි ආරියංවශ මහත්මිය සිය නිවේදනය මගින් කියා සිටියි.



අදහස් (5)

දේශපාලනයේ කාන්තා නියෝජනය සීමා කරලා

මුණසිංහ Sunday, 08 March 2020 06:39 AM

දේශපාලනයට ආ කාන්තාවන් අතරින් කීප දෙනෙකු හැරෙන්නට බොහෝ දෙනෙක් වැඩකට ඇති වැඩක් කරල නැහැ. ඒ නිසා නිශ්චිත නියෝජනයක් අවශ්‍ය නැහැ. දක්ෂතාවයක් ඇති කෙනාට ඉබේ තැන ලැබේවි. මම කියන්නෙ කාන්තා නියෝජනය ගැන පමණයි. වැඩක් නැති පිරිමිත් ඕන තරම් ඉන්නවා.

:       0       0

Pradeep Sunday, 08 March 2020 08:32 AM

කාන්තා නියෝජනයක් තිබෙනවා නම් හොඳයි. නමුත් කවුද ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ.. හිරුනිකා, රෝසි, ඕෂධී, ගීතා වගේ අයද? දේශපාලනයට ඔවුන්ගේ ඇති සුදුසුකම කුමක්ද..? එයින් අදහස් කරන්නේ නෑ ඉදිරිපත් වෙන පිරිමි පාර්ශවය සුදුසුයි කියලා. නමුත් මොන පදනමකින්ද ඔවුන් ඉදිරිපත් වෙන්නේ...? හුදෙක්ම කාන්තා නියෝජනයක් අවශ්‍ය නිසාමද..?

:       0       3

rama Sunday, 08 March 2020 08:35 AM

මොකටද කාන්තාවන් ඇවිල්ලා අර ඩිෆෙන්ඩර් කුමාරි වගේ අය ගැනත් වැඩක් නැත..

:       0       0

විපරමා Sunday, 08 March 2020 09:35 AM

දේශපාලුවන්ට කඩේ යන නිළියන් ඕනෑ හැටියේ ඉන්නේ...

:       0       1

prakaash Monday, 09 March 2020 12:18 AM

කාන්තා නියෝජනයක් කියා විශේෂත්වයක් අවශ්‍ය නැත..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site