IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දිවි පිදු කොස්තාපල්ගේ දේහයට පොලිස්පතිගෙන් අවසන් ගෞරව

( පුෂ්පකුමාර මල්ලවආරච්චි)


රුදුරු ජල පහරට කොටුවී සිටි අහිංසක ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමකදී වික‍්‍රමාන්විත අන්දමින් ජීවිතය පූජා කළ මාදම්පේ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන් 88587 ඩිලාන් සම්පත් මහතාගේ ගිරිඋල්ල මල්ගමුව නිවසට ගිය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සැරයන්වරයාගේ දේහයට අවසන් ගෞරවය පුද කළේය.


ගල්මුරුව උඩවෙල ප‍්‍රදේශයේ ජල ගැල්මෙන් අවතැන්ව සිටි ජනතාව බේරා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටියදී සැඩ පහරකට ගොදුරුව  මියගිය පොලිස් කොස්තාපල්  88587 ඩිලාන් සම්පත් මහතා පොලිස් සැරයන් තනතුරට උසස්  කර ඇත.


 සැරයන්වරයාගේ දේහයට මල් කළඹක් තබා අනතුරුව සිය ආචාරය පුද කළ පොලිස්පතිවරයා විසින් දිවිපිදු සැරයන්වරයාගේ පියා වන ඩී.පී.ෂෙල්ටන් 60 මහතා සහ කේ.එච්.සෝමවතී 55 මහත්මිය වෙත ශී‍්‍ර ලංකා පොලිසියේ ශෝකය පුද කරනු ලැබීය.


ඩිලාන් සම්පත් ශී‍්‍ර ලංකා පොලිසියට බිහිවූ සුවිශේෂී නිලධාරියෙකු වශයෙන් හැදින්විය හැකි බවත් මේ ආකාරයෙන් තම ජීවිත පරදුවට තබා අන් අයගේ ජීවිත බේරා ගැනීමට  ඉදිරිපත්වීම සෑම අයකුටම කළ නොහැකි කටයුත්තක් වන බැවින් සැරයන්වරයාගේ ජීවිත පූජාව  පොලිසියේ ගෞරවයට හේතුවන බවත් පොලිස්පතිවරයා මෙහිදී සදහන් කළේය. 


ශී‍්‍ර ලංකා පොලිසියේ නාමය බබලවන්නට කටයුතු කර පුතු අහිමිවීම දෙමාපියන්ට දැරිය නොහැකි කරුණක් බව සිහිපත් කළ පොලිස්පති ජයසුන්දර මහතා සැරයන්වරයා වෙනුවෙන් කළ හැකි සියල්ල කරන බවද දැන්වීය. 
පොලිස් සේවා වනිතා ඒකකය මගින් සැරයන්වරයාගේ අවමගුල් වියදම් සදහා ලබාදුන්  චෙක්පත පොලිස්පතිවරයා විසින් මේ අවස්ථාවේදී මවට හා පියාට බාරදෙනු ලැබීය.



අදහස් (3)

දිවි පිදු කොස්තාපල්ගේ දේහයට පොලිස්පතිගෙන් අවසන් ගෞරව

nuwan Tuesday, 29 May 2018 05:46 AM

බොහොම කණගාටු සිද්දියක්.ඔබට නිවන් සුව පතනවා!

:       0       18

Sunil gikiyanage Tuesday, 29 May 2018 07:27 AM

ජිවිත ආරක්ෂක කබායක් තිබුනානම්.....

:       0       4

Fernando Tuesday, 29 May 2018 07:58 AM

මං දැකල තියෙන විදියට පොලිස් ආචාරයෙදි තොප්පිය ගලවනවා.

:       40       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site