IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දැව ජාවාරම වැටලීමට ගිය වන ජීවී නිලධාරීන් කොටු කරති

ක.ග කරුණාරත්න

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිදුකෙරෙන සංවිධානාත්මක දැව ජාවාරමක් වැටලීම සඳහා ගිය වන ජීවී නිලධාරී කණ්ඩායමක් සහ ඔවුන් ගිය වාහනය අද (10) වනතෙක්ම එම දැව ජාවාරම්කරුවන් මහා වනමැද කොටු කරගෙන සිටිබව වනජීවි නිලධාරීහු කියති.

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දෙවන කොටසට අයත් පෙරියආරුවට නුදුරු අලිඅඩිඕඩේ, මංතලාව ප්‍රදේශයේ පිහිටි විශාල ප්‍රමාණයේ මී ගස් සහ පලු ගස් කපමින් සිටි බව කියන දැව ජාවාරම්කරුවන් පිරිසක් වනජීවී නිලධාරීන් එම ස්ථානයටයට පැමිණි විට පලා ගොස් ඇත.

වනජීවී නිලධාරීන් යාන්ත්‍රික කියත් දෙකක් ඒවාට යොදන ඉන්ධන ඇතුළු උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

එම විශාල දැව කඳන් එම අවස්ථාවේ රැගෙන ඒමට පහසුකම් නොතිබූ නිසා නැවත පසුදා ආපසු පැමිණීමේ බලාපොරොත්තුවෙන් පොළොන්නරුවේ පිහිටි වනජීවී කාර්යාලය වෙත පැමිණෙන විට මාර්ගය හරහා විශාල ගස් කපා දමා අවහිර කර තිබූ බව එම නිලධාරීහු කීහ.

පැය 05 ක පමණ කාලයකට පසු කැලෑවෙන් පිටතට පැමිණි බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.



අදහස් (2)

දැව ජාවාරම වැටලීමට ගිය වන ජීවී නිලධාරීන් කොටු කරති

anton Sunday, 10 December 2017 11:46 AM

මේ සඳහා STF එක යොදාගත්තොත් මේ කැලෑපාලුවන්ව නවත්තන්න පුළුවන් වෙයි

:       0       25

jayantha Sunday, 10 December 2017 09:28 PM

යුද්ධයක් නැති හමුදාවක් ඉන්නවා නේද? හමුදාවේ මහත්තුරු වනයට වනසතුන්ට ආදරය කරන අය. අමුතුවෙන් ගෙවීමක් නොකර ඔය වැඩේ කරාවි. ජනාධිපතිතුමා නරකද හමුදාව දැම්මොත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site