IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


දිවියා ඝාතනය ගැන රජයෙන් පරික්ෂණයක්

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ

කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානයේ දී  දිවියා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය පුළුල් පරික්ෂණයක් පවත්වන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.

සභානායකවරයා ඒ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහ හිටපු වනජිවී ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් දැක්වු අදහස් වලට පිළිතුරු දෙමිනි.



අදහස් (12)

දිවියා ඝාතනය ගැන රජයෙන් පරික්ෂණයක්

Raveendra Friday, 22 June 2018 09:38 AM

බොහොම හොද තීරණයක්. ඒවගේම " පරිසර ඝාතනය " ගැන කවුද පරීක්ෂණ කරන්නේ ?? අල්ලපු රටේ රජයද ? නැත්නම් දිව්‍ය ලෝකයේ තියෙන රජය ද ?? එසේත් නැත්නම් අපායේ තියෙන රජයද ???

:       0       0

hema Friday, 22 June 2018 09:55 AM

දිවියා ඝාතනය ගැන රජයේ පරීක්ෂණය අනිවාර්යයෙන් කල යුතුයි. ඒ වගේම දිවියා පහර දී තුවාල සිදුවූ ජනතාව ගැනත් පරීක්ෂා කළ යුතුයි.

:       55       50

ranga Friday, 22 June 2018 09:58 AM

රටේ වෙන ප්‍රශ්න නැද්ද බ්‍රදර් කතාකරන්න. මාර රටක් මේක...

:       118       103

ranga Friday, 22 June 2018 10:00 AM

අපේ පැත්තේ රිලවෙක් මරා දාලා.., රජයෙන් පුලුල් පරීක්ෂණයක් ඕනේ..

:       119       139

td Friday, 22 June 2018 10:54 AM

ලංකාවේ මිනිසුන්ගේ නොමිනිස්කම මතුවී නීතිය වල් වැදී ඇතිබව මේ පළකර ඇති දසුන් වලින් මානවට පැහැදිලිවේ. වනසතුන්ටත් වඩා පහත් මානසික තත්වයකින් කටයුතුකර ඇති බව පැහැදිලිවේ. පොලිසිය පැමිණ ගම්වාසීන් විසිරුවා හැර වනජීවි නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීමට වතාවරණය සකස් කරදිමවෙනුවට වනජීවි නිලධාරීන් සහ පොලිසිය ගම්මුන්ට කොටියා හෝ දිවියා අල්ලා ගැනීමට ගැනීමට බාරදී ඔවුන්ගේ රාජකාරිය මගහැර ඇතිබව මනාවට පෙන්නුම් කර ඇත. කොටියා හෝ දිවියා මරා දැමීමට අවස්ථාව සලසා දුන් වනජීවි නිලධාරීන් සහ පොලිසිය නිතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම සම්බන්දව රජය විසින් පරීක්ෂණයක් කළයුතුව තිබේ. මිනිසුන් නීතිය අතට ගන්නේ නීතිය ක්‍රියාත්මක කරන අයවලුන්ගේ නිසි මැදිහත්වීම නොමැතිවීම බව කණගාටුවෙන් කිවයුතුමය.

:       1       110

tommy Friday, 22 June 2018 11:47 AM

ඔය පළාත්වල සමහර කල්ලි '80/'90 දශකයේ පර්යන්ත ගම්මාන වල ජීවත් වූ දරුවන්, ගැහැනුන් සහ මිනිසුන් අමු අමුවේ කැති වලින් කොටා ඝාතනය කළ අකාරය සිහි කළොත්, මේ මිනිසුන් ඔය දිවියා ඝාතනය කළ ආකාරය ගැන පුදුම වෙන්නේ නැහැ.

:       0       145

sarath Friday, 22 June 2018 12:05 PM

කෝ මේ චන්ඩි ඇමැතිතුමා. බැරිද ගිහින් අල්ලන්න...

:       145       217

tomwijeFriday, 22 June 2018 06:45 PM

පැය 24 ක් යාමටත් පෙර දිවියා මැරූ සියලු දෙනා අල්ලයි.

:       0       0

kalani Friday, 22 June 2018 12:10 PM

සිවුපා සත්වයකුව සිට ඇවිදයාම සඳහා අත්දෙක නිදහස්කර කශේරුඛාව ඍජු කරගත් මානවයාගේ මුල්ම කාලය සිහිපත් කරවමින් හැසුරුණු මිනිසුන්ගේ වනචාරි හැසිරීමක් දුටුවෙමි.

:       1       41

upali Friday, 22 June 2018 12:34 PM

විකාරද ඇමතිතුමෝ...? සුළුජාතිකයින් වැරදිකාරයො වුනෝතින් සංහිඳියාවට හොඳ නැහැනේ.., හරියට ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් වගේ...

:       26       190

රජින්ද Friday, 22 June 2018 02:33 PM

මුලින්ම වන විනාශ කරන්න අවසර දෙන අයම අන්තිමේ මේ ගැන කතා කිරීමෙන් පලක් නැත. මේ රට යුද්ධය පවතී කාලයටත් වඩා අන්ත දරුණු දුෂිත තත්වයකට මේ වන විට පත්ව ඇත.

:       0       91

ගයාන් Friday, 22 June 2018 11:25 PM

දිවිය කියන්නෙ ලංකාවෙ පරිසර පද්දතියෙ දුර්ලභ හා වඳවියන සත්වයෙක්ත උෟ අපේ රටට ආභරණයක්. රටක් රකිනව රටට ආදරය කරනව කියන්නෙ අන්‍ය ජාතීන්ට එරෙහිව ඝෝෂා කරන එක නොවේ. රටේ සම්පත් රටේ පරිසර පද්ධතිය වගේ දේවල් ආරක්ෂා කර ගන්න එකට බව මෙතන කොමෙන්ට් කරන සමහර අයට අවබෝධයක් නෑ. තව ගෝත්‍රික යුගයෙ ඉන්න අය වගේ. අලි ගැන කථා කරන අපේ වන ජීවි ඇමතිතුමා කොටි ගැන කතා කරන්නෙ නැති එකයි ඇත්තම ප්‍රශ්නය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 227 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1197 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site