(සිරංගිකා ලොකුකරවිට)
සේවා අවශ්‍යතාවක් නොමැතිව කරන ලද අනිසි බඳවා ගැනීමකට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ ඖෂධවේදීහු අද (01) ලෙඩ නිවාඩු දමා ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රියංකර පෙරේරා මහතා පැවසූයේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද ළමා රෝග, පිළිකා, වකුගඩු රෝග සහ හදිසි අනතුරු වැනි අත්‍යාවශ්‍ය කටයුතු රෝගීන්ට අපහසුතාවයක් සිදු නොවන පරිදි පවත්වාගෙන යන බවයි.
අද(01) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමග සාකච්ඡාවක් පවැත්වීමට වාචික කැඳවීමක් ලැබී ඇති බවත් ගැටලුව යහපත් ලෙස විසඳේ යැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
මීට පෙර මෙම ගැටලුව සම්බන්දව දැනුම් දුන්නද සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බැවින් වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.
COMMENTS
පුරුද්දක් හැටියට රජයේ සේවයේ බඳවා ගැනීම් බොහෝ විට කරන්නේ සේවා අවශ්‍යතාවක් නොමැතිව දේශපාලන හේතු මුල් කරගෙන. මේකට වර්ජනය කරන එක හරිද කියන එක නම් ප්‍රශ්නයක්.
සාධාරණ හේතුන් වලට විරෝධතා ,වර්ජන කිරීම අප කිසිවිට වැරදි ලෙස නොදකින්නේය. එමෙන්ම තමං ගන්න වැටුපට සමාජය වෙනුවෙන් සාධාරණයක් කරන්නේද යන්නත් තම තමන්ගේ සිත් අවංකව සොයා බැලිය යුතුය. මෙය දියවන්නාවේ ඊයේ 225 ටත් පොදුය .එමෙන්ම දවස365 න කිනම් දවසක් වර්ජනයක් හෝ විරෝධයක් නොමැතිව ගෙවී යන්නේද ගැටලුවකි. මෙවන් පරිසරයක කිසියම් හෝ රටක් දියුණුවන්නේ නම් එය ප්‍රතිහාරයකි.
සාධාරණ හේතුන්වලට විරෝධතා, වර්ජන කිරීම අප කිසිවිට වැරදි ලෙස නොදකින්නෝය. එමෙන්ම තමන් ගන්න වැටුපට සමාජය වෙනුවෙන් සාධාරණයක් කරන්නේද? යන්නත් තම තමන්ගේ සිත් අවංකව සොයා බැලිය යුතුයි. මෙය දියවන්න ඊයේ 225ටත් පොදුය. එමෙන්ම දවස365න් කිනම් දවසක්, වර්ජනයක් හෝ විරෝධයක් නොමැතිව ගෙවී යන්නේද ගැටලුවකි. මෙවන් පරිසරයක කිසියම් හෝ රටක් දියුණුවන්නේ නම් එය ප්‍රාතිහාර්යයකි.
රෝහල්වලින් බෙහෙත් ලබාගන්න රෝගීන් කීපදෙනෙක්ම මා සමග පවසා තිබෙනවා. වෛද්‍යවරයාගෙන් බෙහෙත් තුණ්ඩුව ලබාගත්තට පස්සේ පැය ගණනක් පෝලිමේ බලාසිටින්න ඕනෑ කියා තුණ්ඩුවේ බෙහෙත් ලබාගන්න. මේකෙන් පෙනීයන්නේ ඖෂධ වේදීන්ගේ හිඟයක් තිබෙන බවයි. මාධ්‍යයට පුළුවන් රෝහල්වල බෙහෙත් පොලින් තිබෙනවද කියා සොයා බලන්න...
මේ ගොල්ලන් හොඳට මහජනතාවට සේවය කරනවනේ... රෝහල් වල පෝලිම් වල රස්තියාදු කරවන තරම දන්නේ අහිංසක රෝගීන් විතරයි.
වැඩ කරන අයගේ ප්‍රශ්න තියෙනවා ඇති තරම්... ඒවා විසඳන්නේ නැතුව හැමදා දේශපාලකයෝ කරේ පිල්මාරුවයි.. ආණ්ඩු මාරුවයි... බොරුවට මහින්දටත් ඊට පස්සේ රනිල්ටත් හොරා කියකියා.. මිනිස්සු අවුස්සපු එක විතරයි...රන්ජා එහෙන් දැන් අමුතු රඟපෑමක් දානවා.. මොවුන් තනිකරම බොරුව කරන්නේ... ජෝන්සටන් නිදොස් කොට නිදහස්.. එතකොට අපි තමා වැරදි කාරයින්... මේ බොරු සීන් නැතුව වැඩ කරන අයගේ ප්‍රශ්න විසඳන්න ඕනේ... වර්ජන දක්වා දුරදිග යන්නේ නැතුව... දැන් මාධ්‍ය සාකච්ඡා තියලා කියයි ඖෂධවේදීහු මිනිස්සුන්ව අමාරුවේ දානවා කියලා... ලේසිම උත්තරේ.. අපි හැමදාම අඳිනවා...
මේවා ඔක්කම බොර දියේ මාළු බාන වැඩ. ඡන්දයක පෙර නිමිති දැක්කම හැමෝගෙම බඩ දඟලනවා. කොයි මාලුවාද බාගන්නේ කියලා... දේශපාලකයොත් මේවා අවසන් මොහොත වෙනකම්ම තියාගෙන ඉඳීවි... ඡන්ද කොල්ල කන්න. රාජ්‍ය සේවයේ බොහෝදෙනෙක් තමන්ට වැටුප් ලබාදෙන මහජනයාට සලකන්නේ මහාම මහ තුප්පහි විදිහට. හැම දෙයක්ම අකර්මන්‍ය කර තමන්ගේ ගොඩ වැඩි කරගන්න ප්‍රතිපත්තියක තමයි තමන්ගේ රැකියාව භාවිතා කරන්නේ. පලිහක් විදිහට. රටක කොඳුනාරටිය බදු රාජ්‍ය සේවය මෙහෙම වෙනකොට අනිත් රැකියාවන් ගැන කුමන කතාද?