විනිතා .එම් ගමගේ සහ බිඟුන් මේනක ගමගේ
තලවතුගොඩ පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය තුළදී වස පානය කර සියදිවි හානි කරගැනීමට තැත් කළ මවක් මවක් අද (12) සවස කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
පරිවාස භාරයේ සිටින තම පුතුට දිගින් දිගමට සිදුවන හිරිහැර සම්බන්ධවයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කළද ඵලක් නොවු යැයි කියා ඇය මෙසේ සියදිවි හානි කරගැනීමට උත්සහ කර ඇතැයි එම අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.
24 හැවිරිදි මෙම කාන්තාව අද (12) දිනය පුරා ජාතික ළමා ආරක්ෂක අධිකාරි කාර්යාලයේ සිට ඇති අතර වස පානය කර ඇත්තේ සවස් කාලයේ බවද ඔහු පැවසිය.
මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම්.අබේරත්න මහතාගෙන් කළ විමසීමේ දී සිදුවීම සත්‍ය බවත් අදාළ කාන්තාව මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නියක බවත් ඔහු පැවසීය.
ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බවත් තත්ත්වය අසාධ්‍ය බැවින් අය කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් සභාපතිවරයා තවදුරටත් කීවේය.
COMMENTS
වැදගත්ම ප්‍රශ්නය තම මවටද , නිලදරින්ටද මානසික රෝගී තත්වය තියෙන්නේ කියල හොයා බලන එක. ළමා අපචාර දිනෙන් දින වැඩි වෙනවා මිස අඩුවන බවක් පෙන්වන්නේ නැහැ.
ඔව් ඉතින් තමන්ගේ අඩුපාඩු වසාගන්න මානසික රෝග ලේබලේ ගහලා බේරෙයි. දරුදුක නොහඳුනන නිලධාරියෙක්. ඒ අම්මාට සහ පුතාට සාධාරණය ඉටුවේවා! අගමැතිතුමා, ජනාධිපතිතුමා මේ ගැන ඉක්මනට සොයා බලන්න.
කාන්තාව මානසික රෝගී තත්වයෙන් පෙලෙන බව කිව්වත් චෝදනාව සොයා බැලිය යුතුමයි.
මානසිකව ලෙඩ හැදෙනවා මේ වගේ රජයේ සේවකයෝ හිටියම. අනික මානසික ලෙඩේ හැදුනේ හවසද උදේ ඉදන් බලන් ඉදල ? මේ රට හදන්න බෑ
ඔය වගේම තව කතාවක් වෛද්‍යවරු කියනවා “ව්ෂ බීජයක් ඇතුල්වෙලා මැරිලා තියෙන්නේ. නියම විෂ බීජේ වගකීමෙන් මිදෙන්න . මොක්කද්ද බීජේ? කියල ඇහුවත් ? හදුනා නොගත්, කලාතුරකින් ඇතිවෙන දෙයක් වගේ පිළිතුරක් ලැබෙන්නේ.
ඔව් ඔව්, ලේසිම වැඩේ තමයි තමන්ගේ ගැලවුමට එක්කෝ මතක නැහැ කීම හෝ අනික් තැනැත්තාට පිස්සු කීම...
දැන් ඉතින් ඒ අම්මා මානසික රෝගියෙක් කියලා විනාශ කරන්න.
මේ අම්මා ළඟ දරුවා නම් කවදාවත් තියන්න හොඳ නැහැ.
දරු දුකට වස බිව් අම්මාට කෙසේ වෙතත් ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිට නම් මානසික රෝගයක් තියෙන බව පේනව. ගොටු අල්ලල තනතුරු වලට ආවම මනුස්සකම නැති වෙලා.
දැන් හැමෝම මානසික රෝගීන් තමා. බොහෝ කලක සිට මේ රටේ පුරුදු පුහුණු කරලා තියෙන්නේ , මුදල ඉස්සල්ල. ඊළගට වැඩේ. ආයතනවල සහ නොයෙකුත් තැන්වල ඇහුන්කම් දෙන්න කෙනෙක් නැහැ,කප්පමක් නොදී. මෙය සාමාන්‍ය දෙයක් වෙලා. ලෙඩෙක් වුනත් මැරෙන්න කලින් මරාගෙන කනවානේ . ඉතින් ඉවසන්න අමාරුයි . ගුණධර්ම කියන එක කොහෙත්ම නැහැ, මුදල් තමා දෙයියෝ. ආදර්ශමත් චරිතයක් හොයාගන්න පුලුවන්ද ? ඉදල හිටලා එක පුද්ගලයෙක් හමුවෙයි . ඒ කෙනාට රටම වෙනස් කරන්න බැහැනේ. හොද දේශපාලඥයෙකුට වුනත් මේවා වෙනස් කරන්න අමාරුයි දැන් , මොකද ඡන්දෙත් පගාවට ගන්නවා . වෙනස් කරන්න යන කෙනාත් පරාදයි .
මොනවා හරි දෙයක් කියලා බේරෙන්න බලමු!
තමන් වැදු දරුවන්ට කෙනෙහෙලි කම් වෙනකොට මවක් මානසික ආතතියෙන් පෙළෙන්න පුලුවන් එවැනි කෙනෙහෙලිකම් කරන නුබලා මොක්කුද එතකොට ??
රජයේ නිලධාරීන්ගේ පිහිට පැතුවොත් වහ බොන්නම වෙනවා.
ළමාරක්ෂක අධිකාරිය තවත් එක බල පුළුවන්කාරකම් පෙන්වන තැනක් විතරයි අහිංසක අසරණ දරුවොන් ට දෙවියන්ගේම පිහිටයි.
මෙවන් පුවත් අහනකොට හිතෙන්නේ අපි ඉන්නේ අපායක කියල හැබැයි කියන්නේ ධර්මද්වීපයේ ෙ බෞද්ධ රජය කෝ ? මේ මොන අපරදද? මේවා අහස පොලව නුහුලන අපරාද ? අන්තිමට කියන්නේ ඕක තමයි බීල ගෙවල් දොරවල් කඩාගෙන මාර්ග අනතුරු කරන ඇමති පුතාල ගැන තාත්තල කියා කතා ඇහුවම මහත් පිළිකුල්. ඉතින් මේ වගේ අය පාලනය කරන රටක තව මොන කතාද ?
කරුණු කිහිපයක් තිබෙනවා, දරුවා ළමාරක්ෂක භාරයට පත්වුනේ මන්ද? සමහරවිට දෙමාපියන්ගේ කෙණෙහිළිකම් නිසා වන්නට ඇති. තවද මෙම අම්මා ළමයා තමන් භාරයට ඉල්ලුවා නොව (ප්‍රවෘත්තියට අනුව), ළමයාට වන හිරිහැර නවත්වන්නට ඉල්ලුවා පමණයි. එම ඉල්ලීමට කන්නොදීම වරදක්. මානසික ආබාධ සම්බන්ධව ඔය නිළධාරීන්ට තීරණය කරන්නට නොහැකියි ඒ සඳහා වෛද්‍යවරුන් සිටිනවා. කෙසේමුත්, නිළධාරීන් තම වගකීම පැහැරහැර ඇති බව නම් පැහැදිළියි.