(ජුඩ් සමන්ත)
වයස අවුරුදු 6 ක් වන කුඩා පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 40 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය පවසයි.
පල්ලම - නාගවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අවිවාහක අයෙකු බව විමර්ශන වලදී හෙළි වී ඇත.
දරුවා පාසලට රැගෙන යාම සහ ආපසු නිවසට කැඳවාගෙන එම සැකකරු විසින් නිතර සිදු කර ඇත.
පසුගිය 23 වැනිදා දහවල් සැකකරු දරුවාව පාසලින් නිවසට කැඳවාගෙන විත් ඇත. ඒ වන විට දරුවාගේ මව්පියන් නිවසේ සිට නැත. එම අවස්ථාවේදී සැකකරු මෙම අපරාධය සිදු කර ඇති බව පොලීසිය කියයි.
අතවරයට පත්ව ඇති දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ත්‍රී හා ළමා දූෂකයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි. දැන් ඉන්දියාවේ පටන් අරන්...