
( ප්‍රියානි මංගලිකා )
මව් සෙනෙහස අහිමි වයස අවුරුදු හතරයි මාස නවයක් වයසැති දැරියකට ඇගේ ලොකු අම්මා විසින් අමානුෂික ලෙස පහර දී වදහිංසා සිදුකර තිබියදී, ලැබුණු තොරතුරක් මත දැරිය පොලිස් බාරයට ගෙන සැකකාර ලොකු අම්මා අද (17 ) දා අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිසිය පවසයි.
ලද තොරතුරකට අනුව දැරිය පොලිස්බාරයට ගන්නා අවස්ථාවේ පොල්ලකින් පහර දීමකින් සිදු වූ තුවාලද ,පිලිස්සීම් හා සපා කෑම් තුවාලද සිරුරේ තිබු බවද දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය සඳහන් කරයි
දැරියගේ මව ඇය කුඩා කාලයේදීම මියගොස් ඇති අතර , පියා වෙනත් විවාහයක් කර ගැනීමෙන් පසුව දැරිය පරිවාස භාරයේ සිටියදී ,ඇගේ ලොකු අම්මා කෙනෙකු විසින් දැරිය භාර ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි .
දැරිය පෙරපාසැල්ද නොයවමින්,නිසි ලෙස ආහාර පානාදිය පවා ලබා නොදෙමින් සැකකාර ලොකු අම්මා විසින් දැරියට කලක සිට වදහිංසා සිදුකර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද, නිකවැරටිය, හැවැන්පැලැස්ස ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන එම සැකකාර කත අද 17දා නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි .
COMMENTS
දැරියගේ පියා දන්නේ නැද්ද ළමයා බලාගන්න.
ජීවිතේ අපායක්, අහිංසක කිරිසප්පයො දුක් විදීම කොහොම ඉවසන්නද. මේ දරුවගෙ අනාගතේට මොනවනං වෙයිද. දැන්වත් තාත්තගෙ ඇස් ඇරුනොත්.......
අනේ මෙහෙමත් කාලකන්ණි ගැණු නොදකින්... රත්තරං දූ පැටියෙකුට මෙලෙස දඬුවම් කරන්න තරමට සිත් පිත් දූෂ්‍ය වෙලා නොවේද..? අම්මා නැති කළ අප්පා ගැන කුමන කතාද කිව්වා සේ අම්මා නැතිකළ ලොකු අම්මා යක්ෂණියක්ය යන්න නිවැරදියි.
මේ වගේ අයට නම් පණුවො ගහන්න ඕනේ...
කුඩා කාලේ සිටම දුක් වින්ද මේ දරුවා ලොකු වෙද්දී අනිවාර්යයෙන් සමාජය කෙරෙහි වෛරයක් ඇතිකර ගන්නවා. කරුණාකරලා හැකි කෙනෙක් ඉන්නවා නම් මේ අහිංසක දරුවාව දරුකමට හදාගන්න අවසර ගන්න. පරිවාසෙ දැම්මත් ඔය දරුවාට හොඳ අනාගතයක් ලැබෙන්නේ නැහැ.
නොදකින් මේ වගේ ගෑණු!
ඔබ, මම ඇතුළු සියලු ලෝක සත්වයෝම ස්වභාව ධර්මයේ අතුරුඵල... ඉන් එහාට මිනිස්සුන්ට ඇත්තටම ආදරය කරන දවසක් එයිද? අනිකා කළ නොකළ දේ ගැන නොසිතා තමුන් වැඩදායක පුද්ගලයෙකු වන්න... ඒකයි මගේ කාරුණික ඉල්ලීම...
අම්මා නැති කලට අප්පා කවර පලේ කියලා කියන්නේ නිකමට නෙමෙයි
මොකද බන් මේ රටේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? මේවා ධර්මද්වීපයකින් ඇසෙන පුවත්ද?