(ප්‍රසාද් මුතුකුඩ)
ජංගම දුරකථන සංඥා කුළුනු වල සවිකර ඇති වටිනා බැටරි රාත්‍රී කාලයේ පැමිණ සූක්ෂම ලෙස ගලවා අලෙවි කරන ලැදැයි පැවසෙන සංවිධානත්මක සොර කණ්ඩායමක ප්‍රධානියකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මෙහෙයුමකින් අද (17) අත්අඩංගුවට ගත් බව කොච්චිකඩේ පොලීසිය කියයි.
වෙන්නප්පුව ,කොච්චිකඩේ ,සීදුව, මඩම්පැල්ල යන ප්‍රදේශ වල දුරකථන සංඥා පද්ධති කුළුනු වල සවිකර තිබු ප්‍රධාන විදුලිය විසන්ධි වු විට විදුලිය සැපයෙන බැටරි ගලවා සොරකම් කර රැගෙන ගොස් ජාඇල ඒකල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අපරාධ අංශයට ලද තොරතුරු මත අධිවොල්ටීය සහිත බැටරි 32 සොයා ගත් බවත් එම බැටරි වල වටිනා කම ලක්ෂ 40 පමණ වෙතැයි පොලීසිය පවසයි.
ටෙලිකෝම්, ඩයලොග්, ජංගම දුරකථන සංඥා පද්ධති කුළුනු වල පහත කොටසක ආරක්ෂිත අයුරින් මෙම බැටරි සවි කර තිබියදී කිසිවෙකුට සැක නොසිනෙන ලෙස සේවා නඩත්තු සඳහා පැමිණි පිරිසක් ලෙස සැකකරුවන් විසින් බැටරි ගලවා තිබු බව පොලීසිය කියයි.
ප්‍රධාන විදුලිය විසන්ධි වු විට මෙම බැටරි අධාරයෙන් සංඥා සැපයන බවත් සුර්ය කෝෂ විදුලි පද්ධති වලට සවි කිරීමටද හැකියාව ඇති බැටරි වර්ගයක් බැවින් මෙය පහසුවෙන් අලෙවි කරන ලද මුදල් මත්කුඩු පානයට යොදා ගත් බව සැකකරුවන් ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වු බව පොලිසිය කියයි.


2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුරකථන කුළුනුවල බැටරි ගලවා අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට