(ජේ.කේ.එල් චාමින්ද)
ඇල්පිටිය වල්ලඹගහවිල උඩුවිල ප්‍රදේශයේ වැලි වලේ දිය නාමින් සිටි එකොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (07) දහවල් ගසාගෙන ගොස් අතුරුදන් වි ඇති බැව් ඇල්පිටිය පොලිසිය පවසයි.
දරුවන් තිදෙනෙකු දිය නාමින් සිටියදි ගසාගෙන ගොස් ඇති අතර පසුව ගම්මුන් විසින් ගසාගෙන යමින් සිටි දරුවන් දෙදෙනෙකු බේරාගෙන ඇත.
ජල පහරට ගසාගෙන ගොස් අතුරුදහන් වි ඇත්තේ කේ.රවිදු නැමති එකොළොස් හැවිරිදි පාසල් දරුවෙකි.
අතුරුදහන් සිසුවා සෙවිම සදහා ඇල්පිටිය පොලිසිය හා නාවික හමුදාව මගින් කටයුතු කරමින් සිටින බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශෝචනීය පුවතක්... මගේ සංවේගය...