(බිඟුන් මේනක ගමගේ)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විකුණාගත නොහැකිව දිගම්පතහ රජයේ රක්ෂිතයට ගෙන ගොස් දමන එළවළු කොළඹ මැනිං වෙළෙඳපොලට ගෙනැවිත් දීමට රජය කටයුතු කරන්නේ නම් ඒවා මිලට ගැනීමට සූදානම් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
ආරක්ෂක හමුදාවලට හා සිවිල් ආරක්ෂක බළකායට අයත් ලොරි රථ විශාල සංඛ්‍යාවක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ගාල් කර ඇති බව කී හෙතෙම එවැනි වාහන යොදාගෙන මෙම එළවළු පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි බව ද කීය.
රාජ්‍ය අධිකාරින් මේ අපරාධය ගැන විවිධ අදහස් දක්වා නිහඬ වුවද බලධාරින්ගේ වගකීම විය යුත්තේ එය නොවන බවත් සිය යෝජනාව ක්‍රියාත්මක කළ හැකි නම් ගොවීන්ට තමන් වැටී සිටින ආර්ථික ප්‍රපාතයෙන් ගොඩඒමට මහත් සහනයක් වනු ඇති බවත් සම්පත් මහතා කීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමග එළවළු මිල පහත වැටී ඇති නමුත් ඒවායේ අළෙවිය ද පහළ වැටී ඇති අතර එයින් ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති
COMMENTS
මේ ආණ්ඩුවෙන් නම් දේශීය ගොවීන්ට සහනයක් බලාපොරොත්තු විය නොහැක. ගොවීන් සංවිධානය වී තමන්ට අවශ්‍ය මිල ගණන් තීරණය කර කෙලින්ම පරිබෝගිකයට තම ඵලදාව විකුණන තුරු, අතරමැදි වෙළෙන්දන් ගොවීන්ව හුරා කෑම වැළක්විය නොහැක.....
පාලකයන්ට ඕව ඇහෙන්නේ නැහැ මහත්තයෝ.
දඹුල්ලට ගිහිල්ල එළවලු ගෙන්න වියදම් ගියයි කියලා බත් පාර්සලයේ මිල වැඩි කරයිද මේගොල්ලෝ?
පිස්සුද එතකොට නාඩි අල්ලන කට්ටියගෙ නාඩි වැටෙන එක නවතිනවනේ................