(තිළිණි ද සිල්වා)
කොටි සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කළ සැකකාර ශ්‍රී ලාංකික දෙමළ ඩයස් පෝරාවේ 13 දෙනෙකුට සිරදඬුවම් නියම කිරීම ස්විට්සර්ලන්ත මධ්‍යම අපරාධ අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇතැයි එරට පළවන ස්විස් ඉන්ෆෝ පුවත් සේවය වාර්තා කර සිටියි.
මෙම නඩුව පෙරේදා (14) එරට අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම තීන්දුව ලබාදී ඇත.
ඔවුන් 13 දෙනාට අත්හිටවූ සිරදඬුවම් හෝ නිදහස් කිරීමට එම අධිකරණය විසින් පියවර ගෙන ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. ඔවුන් කොටි වෙනුවෙන් මුදල් රැස් කිරීම සිදුකර ඇති බවට තහවුරු කළ සාක්කි ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන් මෙලෙස චෝදනා වලින් මුදා හැර තිබේ.
එසේම අපරාධ සංවිධානයකට සහය දැක්වූ බවට එල්ල වන චෝදනා වලින් සියලූම සැකකරුවන් නිදහස් කිරීමට ද ස්විස් මධ්‍යම අපරාධ අධිකරණය තීන්දු කර ඇත.
මෙම නිදහස් කළ පිරිස ඩබ්ලිව්.ටී.සී.සී හෙවත් ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව නමැති සංවිධානයේ සාමාජිකයන් බව සඳහන් වේ. එම සංවිධානය සහ කොටි සංවිධානය අතර සම්බන්ධය ප‍්‍රමාණවත් ලෙස තහවුරු වී නොමැති බවද ස්විස් මධ්‍යම අධිකරණයේ මතයයි.
එම නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් අධිකරණ විනිසුරුවරුන් සඳහන් කරනු ලැබුවේ කොටි සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස හැදින්වීම සඳහා ප‍්‍රබල සාක්කි ප‍්‍රමාණවත් ලෙස නොතිබූ බව තමන්ට හැගී යන බවයි.
මෙම කොටි අනුගාමිකයන්ට මාස 18 සිට වසර 6 දක්වා සිරදඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ අපරාධ සංවිධානයකට සහය ලබාදීම වංචා, දුෂණ සහ මූල්‍ය විශුද්ධිකරණය ඇතුළු චෝදනා යටතේ යැයි ඊට විරෝධතා දක්වමින් ස්විස් නීතිපතිවරිය අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර සිටියාය.
එමෙන්ම, ඔවුන් ස්විට්සර්ලන්තයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවෙන් බලහත්කාරයෙන් මුදල් එක්රැස් කළ බවට ද නීතිපතිවරිය එහිදී කරුණු ඉදිරිපත් කළාය. කොටි සංවිධානය ස්විට්සර්ලන්තය තුළ නියෝජනය කරන්නේ ඩබ්ලිව්.ටී.සී.සී හෙවත් ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව බව එහිදී ඇය පෙන්වා දුන්නාය.
එමෙන්ම, ළමා සොල්දාදුවන් සන්නද්ධ කළ කොටි, අල්කයිඩා ඇතුළු අනෙක් ත‍්‍රස්ත සංවිධානවලට මූල බීජ සැපයූ බවයි ස්විස් නීතිපතිවරිය කියා සිටියාය.
සියලූ කරුණු සළකා බැලූ ස්විස් මධ්‍යම අපරාධ අධිකරණය මෙම දෙමළ ජාතිකයින් 13 දෙනාට දඬුවම් පැමිණවීම ප‍්‍රතික්ෂේප කරන ලදී.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දෙමළ ඩයස් පෝරාවේ 13 දෙනාට සිරදඬුවම් දීම ස්විස් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
sirimal Friday, 15 June 2018 12:19 PM
"වොයිස් කට්" වීරයෝ මේකත් යහපාලන ගිණුමට බැරකරනවා කරනවාමයි. කීයද ඔට්ටු?
Ruwan Friday, 15 June 2018 04:01 PM
මට තියෙන ප්‍රශ්නේ මේ ජජ් ලංකාවේ උසාවිවල වැඩ කරපු කෙනෙක්ද කියලා. තුවක්කුව පොල්ලක් ලෙස භාවිත කරපු තවත් අවස්ථාවක්.
Mahee Friday, 15 June 2018 10:22 PM
අප්පොච්චියේ, මං හිතුවේ එහෙම කට්ටිය ඉන්නේ මෙහෙ විතරයි කියලා. රන්ජන් කෙනෙක් හරි නාගානන්ද කෙනෙක් හරි නැද්ද මන්දා.. එහෙ මේවා පෙන්නලා දෙන්න.
ranjith Saturday, 16 June 2018 05:35 AM
ලංකාවේත් කොටින්ට නඩුදාන්නේ නැතිකොට නැතිනම් ජනාධිපති සමාව ලැබෙනකොට පිට රටවල් ගැන මොනකතාද?