(අමල් වික්‍රමරත්න)
දුම්රිය වර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාල සදහා ගෙනයන ලිපි බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අඩාලවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.ඉකුත් 06 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන ලද දුම්රිය වර්ජනය හේතුවෙන් රට පුරා දුම්රියෙන් ප්‍රවාහනය කරන තැපැල් මලු විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට නොහැකිව ගොඩ ගැසී ඇතැයි වාර්තාවේ.
මෙම තත්වය මගහරවා ගැනීම සදහා ලොරි මගින් තැපැල් මලු ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්ම කිරීමට තීරණය කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු පැවසීය.
කෙසේ නමුත් තැපැල් කාර්යාලවල එක්රැස් වෙන පාර්සල් සහ ලිපි ලබා ගැනීමට සහ යැවීමට බලාපොරොත්තුවෙන් සිටි ජනතාව මේ වනවිට මහත් අසීරුවට පත්වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රියත් රජයේ දෙපාර්තමේන්තුවක් නිසා තැපැල් දෙපාර්තමේන්තුව හැකි සැමවිටම තැපැල් මලු දුම්රියෙන් යවනවා. ඒ හේතුවෙන් ඉස්සර හග්ගල ඉඳලා කැප්පෙටිපොලට (වැඩිම වුණොත් හැතැප්ම පහක් ඇති) යවන ලිපියක් තැපැල් බසයෙන් නුවර එළියටත්, එතැනින් නානු ඔයටත්, ඉන්පසුව දුම්රියෙන් බණ්ඩාරවෙලටත්, එතනින් තැපැල් බසයෙන් වැලිමඩ ටත්, එතනින් කැප්පෙටිපොලටත් එනකොට සුමානයක් විතර ගතවෙනවා.
මේ ආණ්ඩුවේ දකින්න තියෙන ලක්ෂණයක් තමයි, කිසියම් ප්‍රශ්නෙකට ක්ෂණිකව මැදිහත් වෙලා විසඳන්නේ නැතිව ඇද ඇද ඉන්නවා. රටට, ජනතාවට එ්කෙන් වෙන පාඩුව කොච්චරද? මෙහෙම ආණ්ඩු මොකටද?