IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දුම්රිය වර්ජනයක් ඇතිවිය හැකි බව කැබිනට් රැස්වීමේදී කිව්වා - රාජිත

ඩයනා උදයංගනී
 
දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති සහ පාලකවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ගෙන ආ කැබිනට් පත්‍රිකාවට මුදල් ඇමතිවරයා දිගින් දිගටම විරෝධය පෑම හරහා යළිත් දුම්රිය වර්ජනයක් ඇතිවිය හැකි යැයි තමා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීත් පැවසූ බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
 

ඔවුන්ගේ ඉල්ලීම වී ඇති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් වූයේ බොහෝ කලකට පෙර බව කී ඇමතිවරයා එය මුදල් අමාත්‍යාංශයේ විරෝධතාව මත කල් ගිය බව ද සඳහන් කළේය.
 
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
 
එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්න සහ ඇමතිවරයා ලබාදුන් පිළිතුරු මෙසේය.
 
ප‍්‍රශ්නය - දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමක් ගැන පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වුණාද?
 
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා -  මෙය බොහෝ කලකට පෙර ගත් යෝජනාවක්. මෙහි තිබෙන්නේ වැටුප් වැඩිවීමක් නෙවෙයි. වැටුප් විෂමතා ඉවත් කිරීමක්. දුම්රිය දෙපාර්තමේන්තුවේ මීට පෙර සිදුවූ වැටුප් වැඩිකිරීමකදී දුම්රිය ධාවකයින් ඇතුළු සේවකයින්ගේ සහ සහයකයින්ගේ වැටුප් තල සමාන වී තිබෙනවා. ඒ නිසා රියදුරා නියෝගයක් දුන්නත් සහයකයින් එය ප‍්‍රතිෙක්‍ෂ්ප කරන තත්ත්වයක් ඇතිවී ඇති බව කියනවා. එයට හේතු වී ඇත්තේ වැටුප් තල සමාන වීමයි. ඒ නිසා ඔවුන් ඊට වඩා ඉහළ වැටුප් තලයක් ලබාදෙන ලෙස ඉල්ලූවා. ඒ ස`දහා වැඩ වර්ජනයක් ද පැවැත්වූවා. ඒ ගැන සෙවීමට මම, සරත් අමුණුගම ඇමතිවරයා, දුමින්ද දිසානායක ඇමතිවරයා ඇතුළු කැබිනට් අනුකාරක සභාවක් පත්කළා. අපි ඔවුන්ට පොරොන්දුවක් දී වර්ජනය නැවැත්තුවා. අපි වැටුප් කොමිසම, අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලූ දෙනා ගෙන්වා තමයි මේ තීන්දුව ගත්තේ.
 
දැන් මුදල් අමාත්‍යාංශය කියන්නේ මේ දේ කළොත් අනිත් සේවාවනුත් වැටුප් වැඩිවීමක් ඉල්ලිය හැකි බවයි. දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත දෙපාර්තමේන්තුවක් කළේ එසේවීම වැළැක්වීමටයි. මේ ගැන කැබිනට් තීන්දුවක් තිබෙනවා. නමුත් මුදල් අමාත්‍යාංශය කියන්නේ මේ නිසා වෙනත් අංශවල වැඩ වර්ජනයක් ආ හැකි බවයි.
 
ප‍්‍රශ්නය -දැන් එය සංවෘත දෙපාර්තමේන්තුවක්ද?
 
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා -  අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත්තා. නමුත් තවම අදාළ කටයුතු සිදුවී අවසන් නැහැ.
 
ප‍්‍රශ්නය -   මීට පෙර දුම්රිය වර්ජනය කළේ දෙසැම්බර් මාසයේ. දැන් මාස ගණනාවක් ගත වී තිබෙනවා. ඔවුන් වර්ජනය අත්හරින අවස්ථාවේ පැවසුවේ රුපියල් 325ක වැටුප් වැඩිවීමක් ලබාදීමට පොරොන්දුවක් ලැබුණු බවයි.
 
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා -  ඔව්. කැබිනට් තීරණය ගත්තා.
 
ප‍්‍රශ්නය -   මංගල සමරවීර මුදල් ඇමතිවරයා එයට විරුද්ධවීම තුළ යළිත් වැඩ වර්ජනයක් ආරම්භවීමේ ඉඩක් තිබෙනවා නේද?
 
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා -  සති දෙකකට පෙර නැවත මෙය කැබිනට් මණ්ඩලයට ආ විට මුදල් අමාත්‍යාංශ විරෝධතාව මධ්‍යයේ එය ක‍්‍රියාත්මක කිරීමට තීන්දුවක් ගත්තා. නමුත් ඉන්පසු සති දෙකක් යළිත් මෙය සාකච්ඡුා කර තවදුරටත් සාකච්ඡුා කිරීමට කල් තිබ්බා. මෙයින් යළිත් වැඩ වර්ජනයක් ආ හැකි බව අපිත් කිව්වා.



අදහස් (5)

දුම්රිය වර්ජනයක් ඇතිවිය හැකි බව කැබිනට් රැස්වීමේදී කිව්වා - රාජිත

Udaya Wednesday, 08 August 2018 02:11 PM

අර මුලින් කිව්ව දුම්රිය සහායකයින්ගේ වැටුප් වැඩි කලේ ඇස් වහගෙනද? ඒ අවස්ථාවේ අවබෝධ වෙලා නැද්ද ඔය මැටි මෝල් ඔලු ගෙඩිවලට මූලික සුදුසුකම් අසමාන කොටස් 2 ක වැටුප් තල සමාන වීම නුසුදුසු බව..? ඒ අවස්ථාවේ අදාළ දුම්රිය රියදුරු සංගමයත් හීන දැක්කද .., අනාගතේ තමුන්ගේ වැටුප් වැඩි කර ගන්න විදිය..? යන්න බසුත් නෑ. අදූරදර්ශී හා සාක්කුව ගැනම හිතන පව්කාරයින් ආයතන පාලනය කරන්නේ...

:       10       451

RaveendraWednesday, 08 August 2018 04:12 PM

උදය මයා වෙත, හරකුන්ට, අම්බරුවන්ට කියවීමටවත් සිතීමටවත්, තේරුම් ගැනීමටවත් මොලයක් තිබේද යන්න ඔබ නොදන්නේද? මෙවන් සත්වයින් දන්නා කරුණු වන්නේ මහජන මුදල් හොරා කෑම සහ ජඩ වැඩ පමණක් බවත් ඔබ නොදන්නේද?

:       0       341

MaheeThursday, 09 August 2018 06:06 AM

උදය, අවස්ථාවාදී දේශපාලුවන් ගැන අපි වචන නාස්ති කරනවා පමණයි. කැබිනට් එකේ සාමුහික වගකීම කියන එක මේ ගොන් ඇමතිලා දන්නේ නැද්ද? එලියට ඇවිත් වීරයෝ වෙන්න දඟලන මේ වගේ අවස්ථාවාදීන් තමයි අපි නැවත නැවතත් දියවන්නාවට යවන්නේ.

:       0       27

anura UAE Wednesday, 08 August 2018 04:04 PM

බන්ධනාගාරයේ සල්ලි නැතුව ඇති... එ්ක සම්පූර්ණයෙන්ම දෙවරක්ම හොරු කැඩුවා නොවැ...

:       1       45

nishan Thursday, 09 August 2018 12:20 AM

සංවෘත දෙපාර්තමේන්තුවක් කලාලු පස්සේ කියනවා එක හරියට උනේ නැහැ ලු. ඒ කියන්නේ තවම සංවෘත නැහැ කියන එක නේද. මොනවද මේ මිනිස්සු කියවන්නේ? එහෙම බැලුවම මුදල් ඇමති කියන කතාව හරි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site