(මහින්ද නිශ්ශංක)

දුම්රිය රියදුරන් විසින් අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් වැලකී සිටිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා දුන් ලිඛිත පොරොන්දුවක් අනුව මෙම තීරණය ගත් බවද ඒ මහතා පැවසීය.