(ඩි.කේ.රත්න )
රුපියල් දෙසිය පනහක දෛනික වැටුපකට තව දුරටත් සේවයේ යෙදීමට නොහැකි බැවින් තම සේවය ස්ථිර කර දෛනික වැටුප වැඩි කිරීමට කටයුතු නොකරන්නේ නම් තුන්දහස් හත්සියයක් පමණ වන සියලූම සේවකයින් තම සේවාවලින් ඉවත්වීමට සැලසුම් කර ඇතයි ශ‍්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ගේට්ටු ක‍්‍රියාකරුවන්ගේ සංගමය පවසයි.
2013 වර්ෂයේ සිට මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක‍්‍රියාකරුවන් රාජකාරියේ යොදවා ඇතත් එදා සිට අද වනතුරු මෙම සේවකයින් ස්ථිර නොකර රුපියල් දෙසිය පනහක දෛනික වැටුපක් ලබා දෙන බවත් මෙම සේවකයින් අලූයම 3.00 සිට රාත‍්‍රී 11.00 දක්වා සේවයේ යෙදී සිටින අතර මේ වන විට මෙම මුදල කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බැවින් මෙම මුදල වැඩිකර තම සේවය ස්ථිර කිරීමට කටයුතු කළ යුතු බවත් අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ගේට්ටු ක‍්‍රියාකරුවන්ගේ සංගමයේ ලේකම් ඞී.පී.ඇලෙක්සැන්ඩර් මහතා පැවසීය.
මේ පිළිබදව ජනාධිපතිවරයා අගමැතිවරයා ප‍්‍රවාහන අමාත්‍යවරයා හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා දැනුවත් කළද මේ වන තෙක්ම කිසිදු සහනයක් නොලබීම නිසා ශ‍්‍රී ලංකාවේ සේවයේ නියුතු අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ගේට්ටු ක‍්‍රියාකරුවන් තුන්දහස් හත්සියයක් පමණ සේවයෙන් ඉවත්වීමට සැලසුම් කර ඒ පිළිබදව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලිපියක් යොමු කර ඇතයි අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ගේට්ටු ක‍්‍රියාකරුවන්ගේ සංගමයේ ලේකම් ඞී.පී.ඇලෙක්සැන්ඩර් මහතා පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දුම්රිය ගේට්ටු මුරකරුවෝ වර්ජනයකට සැරසෙති
සතයපාල Tuesday, 05 June 2018 07:38 AM
රුපියල් දෙසීය පණහක දෛනික වැටුපකට සේවය කරන මිනිසුන් ඉන්නවා කියන කතාව ඇත්තටම මට නම් විශ්වාස කරන්නත් අමාරුයී. එහෙම මිනිස්සුන්ව රාජය ආයාතනයක සේවයේ යොදවා ගන්නනවා නම් ඒක බරපතල වැරද්දක් .
GettupaalaTuesday, 05 June 2018 08:21 AM
මොවුන් අයත් වන්නේ පළාත් පාලන ආයතන වලටයි
නුමාTuesday, 05 June 2018 09:30 AM
ඒ විතරක් නොවෙයි, තවමත් දුම්රිය හරස් මාර්ගයක ගේට්ටුවක් වහන්න මනුස්සයෙක් ඕන කියන එකත් ලැජ්ජාවක්.
vernon Tuesday, 05 June 2018 08:00 AM
ඔය කියන්නේ උණ බම්බු ගේට්‍ටුකරුවන් ගැන. එයාලට දීලා තියෙන්නේ පූර්ණ කාලීන රැකියාවක් මට්ටමේ වැඩක් නෙවෙයි. දුම්රිය යන එන වෙලාවට උණ බම්බු ගේට්‍ටුව අරින වහන එක. ඔය වැඩේ කරන ගොඩක් දෙනා තමන්ගේ පුද්ගලික ව්‍යාපාර, හේන් කරන ගමන් තමයි ඕක කරන්නේ. ලංකාවේ විද්වතෙක් ස්වයංක්‍රීය ආරක්ෂිත දුම්රිය ගේට්‍ටුවක් හැදුවා වුනාට ඒක භාවිතයට ආවේ නෑ. ඒක ආවා නම් මේ ගැටළු නෑ.
සී ජේ රත්නායක Tuesday, 05 June 2018 08:16 AM
අධි තාක්ෂණික යුගයක මෙවැනි රැකියා තිබීමත් පුදුමයකි. වර්ජනය යන්න දැන් තිත්ත වෙලා. තාක්ෂණික කමවේදයක් යොදන්න.