IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


දුම්රිය එන්ජිත් 10ක්, බලවේග කට්ටල 6ක් ගෙන්වයි

(ඩයනා උදයංගනී)

ඉන්දියාවේ නිෂ්පාදිත දුම්රිය එන්ජින් 10ක් හා බලවේග කට්ටල හයක් මෙරටට ගෙන්වීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.  දුම්රිය මගී ජනතාවට ගමනාගමන පහසුකම් වැඩි කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල ආනයනය කෙරෙන අතර ඉන්දියානු සහන ණය ව්‍යාපෘතිය යටතේ දුම්රිය එන්ජින් 10 සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 42 ක සහ බලවේග කට්ටල 6 සඳහා ඩොලර් මිලියන 58 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇත. 

දුම්රියෙන් ගමන්ගන්නා මගීන්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වීමත්, දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් වසර 30ක කාලයක් හා දුම්රිය මැදිරි 250 ක් පමණ වසර 25ක් පමණ පැරණි වී තිබීම නිසා දෙපාර්තමේන්තුව මෙම නව දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල කඩිනමින් මිලදී ගැනීමට තීරණය කල බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා පැවසීය.



අදහස් (8)

දුම්රිය එන්ජිත් 10ක්, බලවේග කට්ටල 6ක් ගෙන්වයි

Sena Sunday, 05 March 2017 05:13 PM

ඉතා හොඳ තීරණයක්. අධික මාර්ග තදබදය නිසා ජනතාව වැඩි වැඩියෙන් දුම්රිය පාවිච්චි කරනවා. දැන් දැන් බස් මාෆියාවේ දුම්රිය වලට ගල් ගැස්සවීම් වැනි කඩාකප්පල් කාරීන් වැඩි විය හැකියි. මොවුන්ට වෙඩි තැබීමට පොලිස් නිලධාරීන්ට උපදෙස් දිය යුතුයි.

:       0       0

Mugalan Sunday, 05 March 2017 06:28 PM

දුම්රිය මගීන්ගේ පහසුව සඳහා හොඳ සේවයක් ලබා දීමට රජය ගන්නා උත්සාහය අගය කරමු . නමුත් ඈත අතීතයේ පටන් ඇති දුම්රිය වේදිකා පහත නිසා වයසක අයට අසනීප අයට දුම්රියට ගොඩවීමට නොහැකිය . රජයට උවමනාවක් ඇත්නම් මසක් ඇතුලත නව දුමරිය මෙදිරි ගානට උස් කිරීම කල හෙකිය . එසේ නොකරන්නේ ඇයි...?

:       0       0

arschfikaa Sunday, 05 March 2017 08:43 PM

ඉස්සර හිටපු රම්පාල මහත්තයාව ගෙනාවනම් හොඳයි නේද?

:       0       0

වින්සන්ටී Sunday, 05 March 2017 10:49 PM

අපේ රටේ දුම්රිය සේවය දියුණු කිරීම සදහා ලබා දෙන තැන ප්‍රමාණවත් නැත. දේශපාලන බල්පොරය වෙනුවෙන් කැපවෙනවට වඩා කරන දෙයක් අපට පෙනෙන්නට නැත. කාර්යක්ෂම දුම්රිය සේවයක් රටක ආර්ථික සංවර්ධනයට කොතරම් වැදගත් ද යන්න ජනතාවගේ බදුමුදල් වලින් හෝ විදේශ රටවල සවාරිගහන අපේ පණ්ඩිතයන් තේරැම් නොගැනීම පුදුමයට කරුණකි. රටේ අවශ්‍යතාවය අනුව සිදුවිය යුතු දේ බලන විට දුම්රිය එන්ජින් කිහිපයක් ගෙන්වීම පමණක් විහිළුවට කරුණකි.

:       0       0

puppa Monday, 06 March 2017 01:16 AM

සිරිපාල ඇමතිතුමාටත් හොඳ ගාණක් යන්න ඇති.... මොනව වුණත් මේ රටේ මිනිසුන්ගේ සල්ලිනේ...

:       0       0

හර්ෂ Monday, 06 March 2017 04:35 AM

දුම්රිය නැවතුම් පොළවල් පුළුල් කිරීම, ද්විත්ව තීරු දුම්රිය මාර්ග තැනීම වගේ දේවල් කෙරෙමින් පවතින බව වින්සන්ට් දන්නෙම නැහැ වගේ .... ඔය කියන ජනතාවගේ බදු මුලින්ම තමා, නැව් එන්නේ නැති වාරායටයි ප්ලේන් නැති එයාර් පොට් එකටයි ගෙවන්නේ ...ඕවා හදනකොට පට්ට සංවර්ධනේ , අහිංසක මිනිස්සුන්ට යන්න මේවා ගේද්දී ඒවා විහිලු... හික් හික්

:       0       0

ධම්ම Monday, 06 March 2017 05:21 AM

ඇයි මේ ඉන්දියානු ගැටවලට අහුවෙන්නේ?

:       0       0

වින්සන්ට් Monday, 06 March 2017 09:06 AM

හර්ෂ කියන පුළුල් කිරීම, මාර්ග තැනීම අපි සැමදා අසන්නෙමු. එහෙත් දුම්රිය මැදිරිවල පාපුවරුවල එල්ලීගෙන යන වව්ලන් සැමදා අපි දකින්නෙමු. හර්ෂට අනුව අනාගතයේවත් එය නොදකින්නට අපි ප්‍රර්ථනා කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site